BREAKING NEWS : හෙට(8) ඇති වන සුනාමිය ගැන කාළගුණයෙන් විශේෂ නිවේදනයක්!

හෙට (08) දිනයේදී ශ්‍රී ලංකාවට සුනාමියක් පැමිනෙන බවට කටකතාවක් දකුණු සහ නැගෙනහිර පළාත්වල සීඝ්‍රයෙන් පැතිරයමින් තිබේ.

ශ්‍රී ලංකාවට සුළි කුණාටුවක් හෝ සුනාමි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

නැවතත් ලංකාවට සුනාමි අවදානමක් පවතින බවට පැතිර යන කටකතා අසත්‍ය ඒවා බවත්, ඒ සම්බන්ධව අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන මස 10වන දින සිට නතරවනු ඇතැයි බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

පොළොන්නරුව, අම්පාර, මඩකලපුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝ මීටර් 50 දක්වා හමන තද සුළං ඇති විය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here