Monday, February 19, 2018
Home Blog
ඇමතිවරුන් වන කබීර් හෂීම්, දජිත් පේ‍්‍රමදාස ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් අද පස්වරුවේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී පැවති මැති ඇමති හමුවකදී උණුසුම්කාරී තත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි. එහිදී පක්‍ෂය සතුව බහුතරය ඇතැයි ජනාධිපතිවරයාට තහවුරු කිරීමට ලිපි අත්සන් කිරීමට යාමේදී එම පෙරමුණේ හකීම්, බදියුදීන් ඇතුළු සුළු පක්‍ෂ විසින් එය ප‍්‍රතික්‍ෂෙප කරමින් කියා ඇත්තේ පළමුව එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීන් 88...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා පිවිතුරු හෙටක් පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා ඊයේ (16) සාස්තරකාරියක් වන ඥානම්මාව හමුවීමට අනුරාධපුරයට ගොස් තිබේ. ඇය හිටපු ආරක්ෂක ලේකම්වරයාට දිගටම දේශපාලනයෙන් ඉවත්ව සිටින ලෙස දන්වා ඇති බවද වාර්තා වේ. ළඟකදී දේශපාලන වෙනසක් නොවන බවත් ඇය පවසා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
රටේ දුප්පත් මහජනතාවගේ බදු මුදලින් සුඛෝපභෝගී ජීවිත ගතකරන ඉහළ පැළන්තියක් පිළිඹඳව මින් පෙර ඔබ අසා ඇතැයි ලියුම්කරු වූ මම විශ්වාස කරමි. නමුදු එම අතුපතර විහිදුණු සරුසාර වෘක්ෂයේ ඉහළ ඇති අතු රිකිල්ලේ සිටම සියැසින් නොදකින භූ ගර්භයේ ඇති මුදුන් මුල දක්වාම අල්ලස නැමති උත්තේජය ව්‍යාප්ත වූ කළ එකී මාෆියාව බිඳදැමීම තරමක් අසීරු වන්නේ ය. උඩුගං බලා යන මාධ්‍ය කලාවක නිරතවන...
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැත්වෙන පළමු විස්සයි20 ක්‍රිකට් තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 16.4 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 194 ක් ලබා ජයග්‍රහණය ලබා ගත්තේය. ශ්‍රී ලංකා ඉනිමේ බිඳවැටුණ කඩුලු 3 ක් 2 කටම හිමිකම් කීමට නස්මුල් හුසේන් සමත් වූ අතර ඕවර 10...
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයේ තවදුරටත් කටයුතු කිරීමට තමන් අකමැති බව අමාත්‍ය සාගල රත්නායක ප‍්‍රකාශ කර තිබෙනවා. ඔහු ඒ බව ප‍්‍රකාශ කර ඇත්තේ අරලියගහ මන්දිරයේ දැන් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවේදීයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙනවා. මේ පිළිබඳ සාගල රත්නායක අමාත්‍යවරයා තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුථ එහි සාමාජිකයින් පිරිසක් අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.   පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබද මෙහිදි සාකච්ඡාවට ලක්වූ අතර,ඒ පිළිබද ජනාධිපතිතුමා ගන්නා ඕනෑම තීරණයකට සහය පළ කරන බව ද ආරුමුගම් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කළේය.
මැතිවරණයෙන් ජය ගනු ලැබූ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුගේ ජය සැමරිමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලි ජිවිතක්ෂයට පත් විමේ පුවතක් කෑගල්ල පින්දෙනිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත් වි ඇත්තේ වරකාපොල – නියදුරුපොල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පාසල් සිසුවෙක්. වරකාපෙල ප්‍රාදේශිය සභාව සඳහා ඉදිරිපත් වි ඉන් ජයගනු ලැබූ පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු තම මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට උපකාර කළ සිසුන් 16 දෙනෙකුට...
හැටන් ලංගම ඩිපෝවේ පාලන බලය එම ඩිපෝවේ සේවකයින් පිරිසක් අතට පත් කර ගැනිම නිසා එම ඩිපෝවේ පාරිපාලනය බිද වැටි ආදායම පහත වැටී ඇති බව ඩිපෝ පරික්‍ෂක රෝහන සිල්වා මහතා පවසයි. පළාත් පාලන මැතිවරණය අවසන් විමත් සමඟ එම ඩිපෝවේ ඇතැම් සේවකයින් පාලන බලය බලහත්කාරයෙන් තමන් අතට ගැනිම නිසා දිනකට ධාවනය වු බස් ලංගම බස් රථ සීයෙන් අද දින ධාවනය වී ඇත්තේ...
මහරගම නගර සභා සීමාව හදුන්වන්නේ සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන උගත් බුද්ධිමත් මධ්‍යමපාන්තික ප්‍රදේශයක් ලෙසය.  නමුත් පසුගියදා නිකුත් වූ මැතිවරණ ප්‍රතිපලය සමඟ මහරගම ජනතාව කිසිදා නොදුටු අපේක්ෂකයින් පිරිසකට ජන්දය ලබාදීමට තරම් අදූරදර්ශී වී ඇත්ද යන්න වටහා ගත හැක. එම මැතිවරනයේදී මැතිවරණයේදී නගර සභා කොට්ටාස විසි පහේම බලය දිනා ගැනීමට සමත් වූයේ මෝටර් සයිකලය ලකුණෙන් තරඟ කල ස්වාධීන කණ්ඩායම් අංක 2 ය. ...
මාධ්‍යවේදී ලසත්න වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ඔහු ඊයේ රාත්‍රියේ එලෙස අත්අඩංගුවට ගත් බව ය. ඔහු එවක ගල්කිස්ස ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා යි. අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව...