2018 අයවැය යෝජනා මෙන්න..! (Exclusive)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ 72වැනි අයවැය අද(9) පස්වරු 3ට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළේය. අද පස්වරු 3.00ට පමණ අයවැය කතාව සිදුකිරීමට ආරම්භ කල අතර ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 09 වන දින මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි. ඒ අනුව 2018 වර්ෂය සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982ක් වන අතර එම වසරේ සියලු ප්‍රදානයන් සහිතව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක් වේ. යහපාලන රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තෙවන අයවැය මෙය වන අතර මංගල සමරවීර අමාත්‍ය වරයා ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වේ.

අයවැය කථාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට සිට ලබන 16 වන දින දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 16 වන දින පස්වරුවේ සිදු කිරීමට නියමිතය. අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව ලබන 17 වන දින සිට දෙසැම්බර් 09 වන දින දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇති අතර 09 වන දින පස්වරුවේ ඡන්ද විමසීම සිදුකරනු ඇත. මෙවර අයවැය මඟින් පොදු ජනතාවට මෙන්ම සමස්ථ අංශ වෙනුවෙන් සහන රැසක් ලබාදීමට බලාපොරොත්තු වන බව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.

2018 අයවැය යෝජනා.

විදේශීය විනිමය ඉහළ නැංවීමට පියවර ගනිමින් සිටිනවා ශ්‍රී ලංකාවට ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීමට රටෙන් වියැකී ගිය විභවතාවන් නැවත ලබා ගත යුතුයි.  එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් තුළින් යළි ශ්‍රී ලංකාව ප්‍රබෝධමත් කරනවා. උද්ධමනය 6%ක ප්‍රමාණයක රඳවා ගැනීමට කටයුතු කරනවා. කුඹුරු පනත හා කෘෂිකාර්මික පනත සංශෝදනය කළ යුතුයි. නිවාස හා කුලී පනත සංශෝධනය කළ යුතුයි. 1972 අංක 04 දරණ කෘෂිකාර්මික පනත සංශෝධනය කළ යුතුයි. සාප්පු හා කාර්යාල පනත සංශෝධනය කළ යුතුයි.

රටේ තියෙන සියලුම වාහන 2040 වර්ෂය වන විට ඛනිජ තෙල් නොවන වෙනත් බල ශක්තීන් මගින් ධාවනය කෙරෙන වාහන බවට පත් කිරීම.මෙරට සියලු වාහන 2040 වන විට ඛණිජ තෙල් නොවන බලශක්තියකින් ධාවනය කළ හැකි පරිදි ක්‍රියා කරනවා.2025 වන විට රජයේ සියලුම වාහන දෙමුහුම් හෝ විදුලියෙන් ධාවනය කෙරෙන වාහන බවට පත් කිරීම.

එන්ජින් ධාරිතාව මත පදනම් වූ බදු සූත්‍රයක් හඳුන්වා දෙනවා.ඩීසල් මගින් ධාවනය කෙරෙන ත්‍රිරෝද රථවල ආනයනික බදු රු. 50000කින් වැඩි කිරීම.විදුලියෙන් ධාවනය කෙරෙන රථ වාහනවල බදු රු. ලක්ෂ 10කින් අඩු කෙරේ .වාහන ආනයනේදී ආරක්ෂණ ප්‍රමිතීන් හඳුන්වා දෙනවා.එයාර් බෑග්ස් නොමැති වාහන මින් ඉදිරියේදී ගෙන්වීමට අවසර ලබා නොදීම.ප්ලාස්ටික් අමුද්‍රව්‍ය සඳහා බද්දක්.

සූර්ය බලයෙන් ක්‍රියාත්මක කෙරෙන Charging station පිහිටු වීමට පෞද්ගලික අංශය දිරිමත් කිරීම.දැනට භාවිත කෙරෙන ත්‍රිරෝද රථ බංග්ලාදේශ වැනි රටවලට විකිණීමට අවස්ථාව සලසා දීම.ගං වතුර පාලනය කිරීමට කෙටි කාලීන විසඳුමක් වශයෙන් ආරක්ෂණ බැම්මක් ඉදිකිරීම.

සත්ත්වෝද්‍යානවල සිටින සතුන්ව කූඩු නොකර නිදහසේ ජීවත් වීමට හැකි පරිසරයක් සකස් කිරීම.ප්‍රදේශීය සභා බල ප්‍රදේශයකටම පුස්තකාලයක්, ව්‍යායාම මධ්‍යස්ථානයක්, භාවනා මධ්‍යස්ථානයක් ඇතුළු පරිසර උද්‍යාන ද සහිතශරීර සුවතා මංතීරු ඉදි කෙරේ.. අවරුදු 3ක් ඇතුළත කරන මෙම ඉදි කිරීම් සඳහා රු. මිලියන 1500ක්….

ජංගම දුරකතන කුළුණු සඳහා එක් කුළුණකට බැගින් මුදල් අය කිරීම.ඒකාබද්ධ වෙරළ කලාප කළමනාකරණයක් ගොඩනැගීම. සෑම ප්‍රදේශීය ලේකම් කොට්ටාසයකට ම ආධ්‍යාත්මික සහ ශාරීරික සුවතා මධ්‍යස්ථාන…මෙරටට ආවේණික සත්ත්වයින් ගුණාත්මක සංරක්ෂණයට මුදල් වෙන් කෙරේ.ධීවර කලපු 10ක් සංවර්ධනයක් සඳහා මුදල් වෙන් කිරීම.ගල්කිස්ස සිට රත්මලාන දක්වා වෙරළ සංරක්ෂණයට රුපියල් මිලියන 400ක්…

කුඩා හා මධ්‍ය පරිමාණ වැව්වල රොන් මඩ ඉවත් කර ප්‍රතිසංස්කරණය සඳහා රු. මිලියන 1000ක්පොළොන්නරුව, රත්නපුර, කිලිනොච්චිය යන ප්‍රදේශවල කෘෂිකාර්මික දේවල් රැස්කර තබා ගැනීම සඳහා ගබඩා ඉදිකර අවසන් කිරීම.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය වැඩි කිරීම සහ නවීණ තාක්ෂණය හඳුන්වා දීමට ක්‍රියා කිරීම.ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා භාවිත කරන අඩි 50ට වඩා වැඩි යාත්‍රා සඳහා 50%ක් රජය දැරීම.

ධීවර ගම්මාන සංවර්ධනයට කටයුතු කිරීම. වැවක් සහිත ගමක් සංකල්පය තවදුරටත්….වගා රක්ෂණය සඳහා රු. බිලියන 3ක් වෙන් කිරීම.මුහුදු කූඩැල්ලන් අපනයනය කිරීම සඳහා පුනරීන් ප්‍රදේශයේ නිෂ්පාදන කලාපයක්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය පහසුකම් ලබා දීමට නව බැංකුවක්. දිළිඳුකම, විරැකියාව තුරන් කිරීම සඳහා ග්‍රාම ශක්ති වැඩසටහන ශක්තිමත් කරමින් කුඩා ව්‍යාපාරවල නිරත පුද්ගලයින්ට සහන සැලසීම සඳහා රු. මි. 2200.. 2025 වසර වනවිට රජයේ සියලු වාහන දෙමුහුම් හෝ විදුලියෙන් ධාවනය වන වාහන බවට පරිවර්තනය කරනවා.කාන්තා ව්‍යවසායකයින් දිරි ගැන්වීමේ සහන ණය වැඩපිළිවෙළක්.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අපනයනකරුවන් දිරි ගැන්වීමට රු. බිලියන 3ක් වෙන් කෙරේ. දේශීය ව්‍යාපාරිකයින් දිරිමත් කිරීම සඳහා ඇතැම් විදේශ ආයෝජන සීමා කිරීම. අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහා රු. මිලියන 800ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here