හර්ෂගේ කැමරා කාචයේ සටහන් වුනු ජනපති මෛත්‍රී

‘සරළ ජනපති’ ලෙස විරුදාවලී ලත් වත්මන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවංක නිහතමානී සරළ ජීවන රටාව අප නොයෙකුත් අවස්ථාවල දැක ඇත්තෙමු. යහපාලන ආණ්ඩුවේ ආගමනයත් අපට මෙය වඩාත් හොඳින් දැනෙන්නට විය. මෙය සැබෑ වෙනසකි. මන්ද යත් හිටපු ජනපති ප්‍රමුඛ පසුගිය ආණ්ඩුව විසින් කා දමන ලද රටේ මහජනතාවගේ මුදල් සහ වර්තමානයේ ඉතිරි වන මුදල් සහ සම්පත් අතර වෙනස ‘අහසට පොළව වගේ’ යැයි යමෙකුට පහසුවෙන් කිව හැකි බැවිනි. ජනපති මෛත්‍රී ප්‍රමුඛ වත්මන් රජය විසින් ගෙන යන වැඩ පිළිවෙල කොතරම් සාර්ථක වීද යත් එහි සුභ ප්‍රථිපල අප රටක් වශයෙන් සතුටින් භුක්ති විදින්නෙමු. පසුගිය රජයේ අනිසි ක්‍රියාකලාප වලින් අපව ප්‍රතික්ෂේප කරන ලද රටවල් දැන් අපට ගෞරවනීය ලෙස එම රටවල් වල සංචාර සඳහා අරාධනා කරති. මෙය රටේ අනාගත අභිවෘර්ධිය සාක්ෂාත් කරවන සුභ පෙරනිමිත්තක් බව අපට දැනේ.

එම සාර්ථකත්වයේ නියමුවානන්ගේ නිහතමානී ආදර්ශවත් ජීවන රටාව ඔප්පු වන ඡායාරූපක් ඊයේ අප දුටුවෙමු. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔස්ට්‍රේලියාව බලා පිටත් වූ අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා විසින් තම ජංගම දුරකතනයෙන් ගත් ඡායාරූපක් පහතින් දැක්වේ. එහිදී හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යතුමා විසින් තම ෆේස්බුක් පිටුවේ මෙසේ සඳහන් කර තිබුණි.

“පසුගිය රෙජීමයෙන් පසු දැන් කොතරම් වෙනසක් වී ඇද්ද…”

“මා මේ ඡායාරූපය ලබා ගත්තේ සිංගප්පුරුවේ සිට ඔස්ට්‍රේලියාව බලා වාණිජ ගුවන් යානයකින් ගමන් ගන්නා අතරතුරදීය. එහිදී මා දුටුවේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමන් නන්නාදුනන පුද්ගලයකු අසල සාමාන්‍ය පුද්ගලයෙකු ආකාරයෙන් හිඳ සිටින ආකාරයයි. මට අවංකව ඉතා සතුටක් දැනුණි. මින් පෙර අගමැතිතුමන් සහ එම මැතිනිය මේ ආකාරයෙන්ම ගමන් කරනු මම දැක ඇත්තෙමි.”

“සංසන්දනාත්මකව බැලූ කල පසුගිය රජයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙවැනි පිටරට සංචාර ගමන් ගන්නා විට එම ගුවන් යානා වල අණ දෙන්නා බවට මහින්ද රාජපක්ෂ මහතා පත්වී සිටි හැටි මට සිහිපත් විය. එවක ශ්‍රී ලන්කන් ගුවන් සේවාවේ සභාපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා විසින් රාජ්‍ය සංචාර සඳහා සමස්ථ ගුවන් යානයම වෙන්කර ගත් අවස්ථා බොහොමයක් තිබුණි. එහිදී හිටපු ජනපති එම සංචාරය අවසන් වී පැමිණෙන තෙක් එම ගුවන් යානය ගුවන් පථය අසල නවතා තබයි. එක් අවස්ථාවක, තමා සමග පැමිණි විශාල නඩයට පළමු පන්තියේ ආසන ලබා නොදුන්නේ යැයි කියා එමිරේට්ස් ඒකාබද්ධ ආයතනයේ සිටි ප්‍රධාන විධායක නිලධාරියාව සේවයෙන් පහ කිරීම සහ එවැනි අනුවණ ක්‍රියා හේතුවෙන් රටට අධික ලාභ ලැබුණු ශ්‍රී ලංකා අයෝජන ව්‍යාපෘති අධික පාඩු ලබන ව්‍යාපාර බවට පත්කිරීම රටේ ජනතාවට අමතක වී ඇතැයි මා නොසිතමි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here