සහන සලසන්න ඉන්දියාවෙන් තවත් නෞකාවක් දිවයිනට

අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා වෛද්‍යවරුන් සහ ද්‍රව්‍යමය ආධාර රැගත් ඉන්දියාවේ “ජලශ්වා“  නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ.

නෞකාවෙන් රැගෙන ආ ආධාර ජනාධිපති ලේකම්වරයා විසින් බාර ගැනීමෙන් අනතුරුව එම ආධාර නාවික හමුදාපතිවරයා වෙත බාරදුන් බව ජනාධිපති මාධ්‍ය  අංශය සඳහන් කළේය.

නෞකාවෙන් පැමිණි  වෛද්‍යවරුන් ඇතුළු සහන කණ්ඩායම් ආපදාවට පත් ප්‍රදේශ කරා පිටත් කර යැවීමටද අදාළ නිලධාරීන් එම අවස්ථාවේදීම පියවර ගෙන තිබේ.

වෛද්‍ය කණ්ඩායම්, ඖෂධ, වියළි ආහාර ද්‍රව්‍යය“, කුඩා බෝට්ටු, පානීය ජල බෝතල්, වැහි කබා සහ කූඩාරම් ඇතුළු අත්‍යවශ්‍ය ආධාර ද්‍රව්‍ය, ඇතුළත් ටොන් 10ක් පමණ වන ආධාර තොගයක් මෙලෙස හිමිව ඇති බව සඳහන්වේ.

ඉන්දියානු රජය විසින් ආධාර රැගෙන මෙරටට එවන ලද තෙවන නෞකවද මෙයවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here