සරත් ෆොන්සේකාගේ නව තනතුර ගැන අමරවීර කරුණු කියයි

පසුගිය කාල සීමාව තුළ රට තුළ අත්‍යවශ්‍ය සේවා අඬාල කරමින් උද්ඝෝෂණ පැවති බවත් එය 19 වන සංශෝධනයේ බලතල අසීමිතව පරිහරණය කිරීමක් බවත් එවැනි තත්ත්වයක් තුළ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වීමට ජනාධිපතිවරයා විසින් සරත් ෆොන්සේකා මහතා වෙත යෝජනාවක් සිදු කළ බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අද (27) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.
උද්ඝෝෂණ හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට දිගින් දිගටම බාධා ඇති වීම වැළැක් වීමේ අරමුණින් මෙවැනි යෝජනාවක් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වෙත ඉදිරිපත් කෙරුණු බවත් ඒ තුළින් කිසි විටෙකත් වෘත්තීය සමිති මර්දනය කිරීමක් සිදු නොවන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය තුළ වැරදි නිර්වචන ඇති බව පවසමින් අමාත්‍යවරයා කියා සිටියේ හමුදාව පාලනය කිරීමේ තනතුරක් පිළිබඳ යෝජනාවක් හෝ එවැනි ඉල්ලීමක් හෝ කිසි විටකත් ඉදිරිපත් නොවු බවයි.
ෆොන්සේකා මහතාගේ අත්දැකීම් හා සහයෝගය වත්මන් ආණ්ඩුව තවමත් නිසි ලෙස යොදා නොගත් නිසා මෙවැනි තීරණයකට එළඹි බව ද එම තනතුර සඳහා කැබිනට් පත්‍රිකාවක් මෙතෙක් ඉදිරිපත් නොවු බව ද අමාත්‍යවරයා පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here