සංහිදියාව බිඳ දැමීමට කටයුතු කරන පිරිස්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

ජාතීන් අතර සංහිදියාව බිද දැමීම සදහා කටයුතු කරන පිරිස්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (06) පෙරවරුවේ නුගේගොඩ – විජයරාම ප්‍රදේශයේ ගිනි ගැනීමට ලක්වූ වෙළෙඳසැලක් නිරීක්ෂණය සදහා පැමිණි අවස්ථාවේදීය.

මෙම ගිනිගැනීමට ලක්වූ වියාපාරික ස්ථානයේ ඓතිකරු වසර දහනමයක කාලයක් මෙම සථානයේ වියාපාරික කටයුතුවල නිරතව සිට ඇති අතර මෙවන් සිදුවීමකට මුහුණදීමට සිදුවූ ප්‍රථම අවස්ථාව බව සඳහන් කරයි.

මේ අතර නියෝජ්‍ය  අමාත්‍යවරයා ප්‍රදේශයේ OIC මහතාට මෙ පිළිබඳ කඩිනම් විමර්ශනයක් කරනමෙන් ඉල්ලා සිට ඇත.

මෙම ගිනිතැබීම සඳහා පැමිණ ඇතැයි පැවසෙන පුද්ගලයෙකු පිලිබඳ මේවනවිට තොරතුරු හෙළිවී ඇති අතර CCVT දර්ශණ ද පොලීසිය වෙත ලැබී ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here