ශ්‍රී ලංකාවේ තිබූ අසීමිත බලය නැති කල අපට – අන්තවාදීන් කියන විදිහට සංහිඳියාවට කෙටි පාරවල් නෑ – ජනපති 

“ජනතා කේන්ද්‍රීය තිරසර ලෝකයක් මත සැමදෙනා හට වැදගත් ජීවිතයක් සහ සාමය සඳහා ප්‍රයත්න දැරීම” යන තේමාව යටතේ නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය අමතා ශ්‍රී ලංකාවේ දේශපාලනික සම්මුතිවාදය පිළිබඳව මෙන්ම සංහිඳියාව සහ සාමය පිළිබඳවත්, 2017 වර්ෂය දිළිඳුකමින් අත්මිදීමේ වර්ෂය ලෙස ප්‍රකාශයට පත්කරමින් ගෙනයන වැඩපිළිවෙළ සහ හරිත සංවර්ධනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ලෝක නායකයින් දැනුවත් කරන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රීලංකා වේලාවෙන් අද (20) අලූයම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතුවා.

ජනාධිපතිවරයා මෙවර සමුළුව ඇමතුවේ සිංහල භාෂාවෙන්වීම විශේෂත්වයක්.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, ප්‍රතිසන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම නිදහස මේ වනවිට උදාවෙමින් ඇති බවයි.

ලෝක ප්‍රජාව ඒ සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් බලා සිටින බවත් ජනාධිපතිවරයා එහිදී කියාසිටියා.

තමා බලයට පත්වීමට පෙර තිබූ බියෙන් සහ සැකයෙන් ජීවත් වූ තත්ත්වයට වඩා අද ශ්‍රී ලංකාව නිදහස් රටක් බවත් පරිවර්තනීය වෙනසකින් පසු ගත වූ මාස 20 ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාව විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටින බවත් පෙන්වා දුන්නා.

ශ්‍රීලංකාවේ ජනතාව ලෝකයේ සතුටින් හා එක් රටක් තුළ ජීවත් වන පිරිසක් බවට පත් කිරීම තම අරමුණ බවද ජනාධිපතිවරයා සදහන් කළා.

2015 වසරේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තමා පත්වීමට පෙර ලෝකයේ කිසිම රටක කිසියම් නායකයෙකුට නොතිබුණු අසීමිත බලයක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාට තිබූ බවද සඳහන් කළා.

සංහිඳියාව ගොඩනැංවීමේ ක්‍රියාවලියේදී ඇතැම් අන්තවාදී කණ්ඩායම්, කෙටි කාලීන විසඳුම්වලින් යුතු වේගවත් ගමනක් අපේක්ෂා කළත්, ස්ථිරසාර විසඳුම් ලබාදීම වේගවත්ව සිදුකළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ යෝජනා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී පැවැසීය.

පසුගිය වසර දෙකහමාරක කාලය තුළ රටේ ජාතීන් අතර සංහිඳියාව ගොඩනංවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා මූලික පියවර ගත් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම්, ප‍්‍රතිසන්ධානය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම නිදහස මේ වනවිට උදාවෙමින් ඇති බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකා වේලාවෙන් අද (20) අළුයම 4.30 ට පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතුවේය.

2015 වසරේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තමා පත්වීමට පෙර ලෝකයේ කිසිඳු රටක, කිසිඳු නායකයෙකුට නොතිබුණු අසීමිත බලයක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාට තිබූ බවද ජනාධිපතිවරයා පැවසීය.


ලෝක ප‍්‍රජාව ඒ සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් බලා සිටින බවත්, තමා බලයට පත්වීමට පෙර තිබූ බියෙන් සහ සැකයෙන් ජීවත් වූ තත්ත්වයට වඩා අද ශී‍්‍ර ලංකාව නිදහස් රටක් බවත් පරිවර්තනීය වෙනසකින් පසු ගත වූ මාස 20 ක පමණ කාලය තුළ ශී‍්‍ර ලංකාව විවිධ ක්ෂේත‍්‍රයන් ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටින බවත්  ජනාධිපතිවරයා පෙන්වා දුනි.

ශී‍්‍ර ලංකාවේ ජනතාව ලෝකයේ සතුටින් හා එක් රටක් තුළ ජීවත් වන පිරිසක් බවට පත් කිරීම තම අරමුණ බවද ජනාධිපතිවරයා කියා සිටියේය.


එම වීඩියෝව පහතින්,



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here