ශ්‍රීල.නි.ප. ය වෙනුවෙන් සම කැබිනට් ප්‍රකාශකවරයෙක් ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වශයෙන් යම්කිසි පුද්ගලයෙක් ඉදිරියේ දී සහභාගී වීමට නියමිත බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අද (09) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
මෙවන් තීරණයක් ගනු ලැබුවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉවත් කිරීමට නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ජනතාව ඉදිරියට ගෙන ඒම මෙම තීරණයේ මුඛ්‍ය පරමාර්ථය වන බව ද අමරවීර මහතා පැවසීය.
කැබිනට් ප්‍රකාශක වශයෙන් කැබිනට් තීරණ දැනුම් දීම අර්බුදයක් නොවන බවත් යම් යම් දේශපාලන මත ප්‍රකාශ කිරීමේ දී සිදුවන ගැටළු මඟ හැරවීම සඳහා මෙවන් ක්‍රියාවලියක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here