‘ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ස්‌වාධීන කතා බෑ’ – මහ ලේකම්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සාමාජිකත්වය දරන කිසිදු මන්ත්‍රීවරයකුට පළාත් සභාව තුළ ස්‌වාධීන විය නොහැකි බව එම පක්‍ෂයේ මහලේකම් ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය.

යම් මන්ත්‍රීවරයෙක්‌ එලෙස පක්‍ෂයේ ප්‍රතිපත්ති උල්ලංඝනය කර ස්‌වාධීන වෙනවා නම් ඔහු වහාම පක්‍ෂයෙන් ඉල්ලා අස්‌වී ස්‌වාධීන විය යුතු බව හෙතෙම කීය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ මන්ත්‍රීවරු එහි ප්‍රතිපත්තිවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවත් එසේ නොමැතිව තම පුද්ගලික අභිමතය පරිදි ස්‌වාධීන විය නොහැකි බවත් ඒ මහතා පවසයි.

යම් මන්ත්‍රීවරයෙක්‌ එලෙස ස්‌වාධීන වීමට උත්සාහ කළොත් ඔහුව සන්ධානයෙන් හා පක්‍ෂයෙන් ඉවත් කළ හැකි බව දිසානායක මහතා සිහිපත් කළේය.

(ඉරිදා දිවයින)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here