වෛද්‍ය වැඩවර්ජනය කල්ගියේ GMOA බයවෙලාද?

හෙට (05) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෛද්‍ය වැඩවර්ජනය සතියකින් කල්දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව ප්‍රකාශ කළේය.

අලුත්ගේ මහතා පවසන්නේ රජයේ නියොජිතයන් සමග පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය එළඹි බවයි.

පසුගිය කාලසීමාවේදී රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් දිගින් දිගටම පැවැත්වූ වැඩවර්ජන හේතුවෙන් මහජනතාවගෙන් වෛද්‍යවරුන්ට දැඩි විවේචන එල්ල වූ අතර එම සංගමයට සම්බන්ධ වෛද්‍යවරුන් පිරිසක් වෙනත් වෛද්‍ය සංගමයක් ආරම්භ කිරීම සඳහා ද සූදානම් වේ.

මේ නිසා තවදුරටත් දිගින් දිගටම වැඩවර්ජන සිදුකිරීම සඳහා රටපුරා වෛද්‍යවරුන්ගේ සහාය ලැබෙන්නේද යන්න සම්බන්ධයෙන් වෛද්‍ය සංගමය දෙගෙඩියාවකින් පසුවේ.

මෑතක් වනතුරුම රජය සමග සාකච්ඡා පැවැත්වීම පවා ප්‍රතික්ෂේප කරමින් සයිටම් ආයතනය වසාදැමිය යුතු බවට දැඩි ස්ථාවරයක සිටි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මේ වනවිට එක අඩියක් පිටුපසට තබමින් රජය සමග සාකච්ඡා පැවැත්වීම දක්වා පැමිණීමට ඔවුන්ට සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here