“වෛද්‍යවරු රෝගීන්ගෙන් ගුටිකන යුගය වැඩි ඈතක නොවේ”

“වෛද්‍යවරු රෝගීන්ගෙන් ගුටිකන යුගය වැඩි ඈතක නොවේ” යැයි සටහනක් තබමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අස්වේ. සයිටම් සටනේ පුරෝගාමී මුල් පුරුකක් වන කරාපිටිය ශික්ෂණ රෝහලේ ආමාශ සහ ආන්ත්‍රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමප්‍රිය වසම් හේවාවසම් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජන නිසා ජනතාවගෙන් වෛද්‍යවරු ගුටිකන එක වැඩි ඈතක නෙවේ. එබැවින් පදනම් විරහිත සයිටම් සටනෙන් මා ඉවත් වෙමි. දීර්ඝ කාලයක් තිස්සේ සයිටම් විරෝධී සටනට සක්‍රීය දායකත්වයක් දෙමින් වැඩ වර්ජන සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පෙළගැස්වීමේ දැවැන්ත පුරුකක් වූ වෛද්‍ය සමප්‍රිය වසම් හෙවවාසම් පාදෙණිය ප්‍රමුඛ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පටු දේශපාලන අරමුණු විවේචනය කරමින් අංශක 180කින් හැරී සමස්ථ වෛද්‍යවරුන්ගේ ගෞරවය සහ නම්බුව ආරක්ෂා කිරීමේ සටනට ඔහු පිවිස ඇත.

ඔහු සමග තවත් වෛද්‍යවරු බොහෝ පිරිසක් එයට කැමැත්ත පල කරමින් ඔහු සමග එක්ව ඇත. මේ අනුව බොහෝ අය ප්‍රකාශ කර සිටින්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ග්ගේ සංගමයෙන් සමස්ත වෛද්‍යවරුන්ගේ ගෞරවය බේරාගැනීම සඳහා සැමදෙන වෛද්‍ය සංගමයෙන් වෙන්ව එකතු වී ස්වාධීන මැද මාවතකට පෙළඹිය යුතු කාලය එලඹ විය ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here