වෙසක් පෝය වෙනුවෙන් රුවන්මැලි සෑයේ මහා දන්සැලක්! (Photos)

ඊයේ දිනට යෙදුනු 2561 වන වෙසක් පොහෝ දිනය වෙනුවෙන් “එල්කාර්ඩෝ” (Elcardo) ව්‍යාපාරයේ අධිපතිතුමන් ඇතුළු පවුලේ සාමාජිකයන් සහ සේවක මණ්ඩලය විසින් අනුරාධපුර රුවන්මැලි සෑය අසල දන්ලසැලක් පැවැත්වූ අතර රුවන්මැලි සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එහි කටයුතු ආරම්භ කරනු ලැබීය.

මෙරට බෞද්ධ සිද්ධස්ථානයන් අතර සුවිශේෂී ස්ථානයක් ගන්නා ද්‍රෝණයක් ධාතුන්වහන්සේලා තැන්පත් කොට දුටුගැමුණු මහා රජතුමන් විසින් ඉදි කරන්නට යෙදුන රුවන්මැලිසෑය හා අනුරපුර අටමස්ථාන වන්දනාවට පැමිණෙන සැදැහැවත් වන්දනාකරුවන් දස දහසකට අධික පිරිසකට ආහාර ලබා දුන් මෙම දානමය පිංකම සාර්ථකව ඊයේ රාත්‍රිය දක්වාම පැවැත්විණි.

එම අවස්ථාවේ චායරුප පහතින්….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here