වෙසක් උලෙළට කළු කොඩි ඔසවන්න බංකොළොත් දේශපාලකයන්ට ඉඩ නෑ

හිටපු විශිෂ්ට ගණයේ දේශපාඥයෙකු වන ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාගේ උත්සහයෙන් ලංකාවට ලබා ගත් අනගි අවස්ථාවක් වන ජාත්‍යන්තර වෙසක් දිනයක් ලෙස වෙසක් උළෙල සැමරීමෙදී කළු කොඩි එසවීමට බංකොලොත් දේශපාලකයන්ට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

ඒ මහතා මේ බව පවසා සිටියේ පාර්ලිමේන්තුවේදි මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කරමින් වන අතර මෙම අවස්ථාව ලංකාවට ලැබුණු ඉතා පූජනීය අවස්ථාවක් බවද ඇමතිවරයා පවසා සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ පැරිස් නුවර පැවති යුනෙස්කෝ වෙසක් දින සැමරුමට ගිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු කණ්ඩායම දින තුනකදී රුපියල් ලක්ෂ 250 ක මුදලක් වියදම් කර තිබෙන බවද ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියා…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here