වෘත්තීය සමිති සටන දිනයි / තෙල් සේවක වර්ජනයත් අවසන්

ත්‍රීකුණාමලය චීන වරාය තෙල් ටැංකි 99 ය ඉන්දීය තෙල් සමාගමට IOC පවරා නොදීමට කටයුතු කිරීම ඇතුළු වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කළ යෝජනා තුනට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එකඟවීම හේතුවෙන් ඛනිජ තෙල් සේවකයින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ රාත්‍රීයේ අවසන් කෙරුණා.
තෙල් වෘත්තීය සමිති විසින් චීන වරාය තෙල් ටැංකි 99 ය ඉන්දීය තෙල් සමාගමට IOC පවරා දීමට විරෝධය පළකිරීම/ අබලන් තත්ත්වයේ පවතින තෙල් පිරිපහදුව නවීකරණය කිරීම, හම්බන්තොට තෙල් බෙදාහැරීමේ පහසුකම් තෙල් සංස්‌ථාව යටතට ලබාගැනීම යන කරුණු තුන මුල් කර ගනිමිනුයි වර්ජනය ක්‍රියාත්මක කළේ.
මේ සම්බන්ධයෙන් ඇමැති චන්දිම වීරක්‌කොඩි මහතා සමඟ ඊයේ පැවැති සාකච්ජා අසාර්ථකවී තිබුණා.

ඉන් පසු අග්‍රාමාත්‍යවරයා සමග මෙම සාකච්ජාව පැවැති අතර එහිදී වෘත්තී්‍ය සමිති ඉල්ලීම්වලට අග්‍රාමාත්‍යවරයා එකගතාවය පල කළා.

මෙහිදී වෘත්තීය සමිති විසින් කරන ලද ඉල්ලීමට අගමැතිවරයා එකඟ වීමෙන් පසු එම ඉල්ලීම්වලට අදාළව අගමැති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ලිඛිතව වෘත්තීය සමිති වෙත භාරදීමටයි පියවර ගෙන තිබුණේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here