විපතට පත් ජනතාව සොයා ගිය ජනපති පුත් දහම්ට පවිත්‍රා හමුවී කිව්ව කතාව? (Photo & Video)

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගංවතුරෙන් අවතැන්වී සිටින ජනතාවට අවශ්‍ය ආහාරද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශය ද්‍රව්‍ය බෙදා දීම සඳහා දහම් සිරිසේන මහතා රත්නපුර අයගම ප්‍රදේශයට ගොස් තිබෙනවා.

එහිදී අයගම කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ සහ අයගම ගංගාරාම ශ්‍රී මහා විහාරස්ථානයේ අවතැන් වී රැඳී සිටින අයගම ජනතාව වෙත ගොස් ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ එහිදී සොයා බලනු ලැබුවේය. එමෙන්ම එම ජනතාවට අවශ්‍ය කෙරෙන ආහාර ද්‍රව්‍ය, ඇඳුම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙනු ලැබුවේය.

රත්නපුර නගරයේ විපතට පත් ජනතාවගේ සුවදුක් බලමින් ගමන් ගන්නා විට හිටපු අමාත්‍යවරියක් වන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනතාවගේ සුවදුක් විමසමින් ගමන් කරනා දහම් සිරිසේන මහතා දැක සිය මෝටර් රථයෙන් බැස දහම් සිරිසේන මහතා ට කතා කරන ලදී එහිදී ඇය ප්‍රකාශ කර සිටියේ “ආ කොහොමද පුතා වැඩ පටන් ගත්තද? රත්නපුරේ ගොඩක් හොඳයි මේ සමන් දෙවියන්ගේ අඩවිය” යැයි ප්‍රකාශ කරමින් ඉතා සුහදව කතා බහ කරමින් විනාඩි කිහිපයකට පසු එතුමිය රථයේ නැග නික්ම ගියාය.

මේ අතර ප්‍රදේශවාසීන් තමන්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටලු කිහිපයක් දහම් සිරිසේන මහතාට පවසා එම ගැටලු කෙරෙහි ගරු ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන ලෙස ඉල්ලා සිටියා.

විශේෂයෙන්ම දීර්ඝ කාලයක සිට මෙවැනි විපත් වලට තම ප්‍රදේශවාසීන්ට මුහුණ පෑමට සිදුව ඇතැයිද, ගත වූ අවුරුදු කිහිපය තුළම කිසිඳු බලධාරියෙක් ඒ පිලිබඳව අවධානය යොමු නොකල බවත් ගරු ජනාධිපතිතුමා පිළිබඳව ඉමහත් විශ්වාසයෙන් සිටින බවත්, මැති ඇමතිවරු නොපැමිනි අයගම ග්‍රාමයට රටේ ජනාධිපතිවරයාගේ පුත්‍රයාගේ පැමිණීම ප්‍රදේශවාසීන් ඉතා ඉහළින් අගය කරන බවත් ප්‍රකාශ කරන ලදී.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here