විදෙස් කටයුතු අමාත්‍යංශයෙන් CIDට පැමිණිල්ලක්

විදේශ කටයුතු අමාත්‍යවරයාට අපහාස වන අයුරින් ව්‍යාජ ට්විටර් ගිණුමක් පවත්වාගෙන යාම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අදාළ ට්විටර් ගිණුම මඟින් අමාත්‍ය රවී කරුණානායක මහතා උපුටා දක්වමින් අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙයි.
හිටපු ඉන්දීය අග්‍රමාත්‍ය  මන්මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වූ බවට එම ට්විටර් ගිණුම මඟින් ප්‍රවෘත්තියක් පළ කර ඇති බව සඳහන්ය.
මෙම ව්‍යාජ ප්‍රවෘත්තිය පළ කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඊට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ පිළිබඳ ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය දැනුවත් කිරීමට ද විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here