විත්තිකරුවන් දෙදෙනෙකු නොමැතිව නඩුව විභාගයට අවසර

නීතිවිරෝධි ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමති සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පා.ම. නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 6දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවක් එහි විත්තිකරුවන් දෙදෙනෙකු නොමැතිව විභාග කිරීමට අවසර දෙනමෙන් නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ විත්තිකරුවන් වන ඉන්දික ප්‍රභාත් කරුණාජීව සහ ඉරේෂා සිල්වා යන විත්තිකරුවන් මේ වන විට අධිකරණය මගහැර සිටින අතර ඔවුන් නොමැතිව නඩුව ඉදිරියට විභාග කිරීමට අවසර දෙන ලෙසයි.

එම ඉල්ලීම සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා මෙම ඉල්ලීමට අදාලව සැප්තැම්බර් මස 18 වනදා සාක්ෂි ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස රජයේ නීතිඥවරයාට නියම කළා.

මේ අතර නාමල් රාජපක්ෂ සහ නිත්‍යා සේනානි සමරනායක යන විත්තිකරුවන්ට ඔක්තෝබර් මස 14 වනදා සිට 21 වනදා දක්වා කාල සීමාව තුළ රුසියාවේ පැවැත්වෙන 19 වන තරුණ සමුළුවට සහභාගී වීම සඳහා විදේශ ගත වීමට අවසර දෙන්නැයි ඔවුන්ගේ නීතිඥවරු ඉල්ලීමක් කළා. එම ඉල්ලීම මීලඟ නඩු දිනයේ සලකා බලන බව විනිසුරුවරයා දැනුම් දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here