වැදගත් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමෙන් පසු ප්‍රචාරය කරනවා

දේශපාලන වශයෙන් ගැනීමට නියමිත වැදගත්  තීන්දු තීරණ, ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වන බව දුමින්ද දිසානායක අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ එවැනි තීන්දු තීරණ, ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රකාශ කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවය.

වත්මන් යහපාලනයට එරෙහි වන පිරිස් සම්බන්ධයෙන් දේශපාලනමය පියවරයන් ද ඉදිරියේදී ගැනීමට නියමිත බව ඔහු අවධාරණය කරයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් දුමින්ද දිසානායක අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මේ අතර නව  තාක්ෂණය ඔස්සේ වසරකට කන්න තුනක් වගා කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේදී ආරම්භ කෙරුණු ලොකු ළූණු බීජ  නිෂ්පාදන ආදර්ශ ගම්මානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here