වරායේ සභාපතිගේ කතා ගැන ජනපති අගමැති කනස්සල්ලෙන් !

වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සොයුරු වරාය සභාපති ධම්මික රණතුංග මහතා රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආණ්ඩුව දැඩිව විවේචනය කිරීම සම්බන්ධයයෙන් ජනපති හා අගමැති දැඩි කනස්සල්ලෙන් සිටින බව වාර්තා වේ.
වරායේ සභාපතිවරයා සම්බන්ධයෙන් දැඩි විවේචන තිබියදී ඔහු ආණ්ඩුව විවේචනය කිරීම ඊට හේතුව වේ.
මේ අතර, පසුගිය කාලයේදී වරාය සභාපතිවරයා හා සේවකයන් අතර අරගල සම්බන්ධයෙන් රහස්‍ය පරීක්ෂණයක් කම්කරු අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා යටතේ සිදුකර ඇති බවද පැවසේ.
අදාළ, පරීක්ෂණයේ වාර්තාව මේවන විට අවසන් කර ඇති බවත් එහි නිර්දේශ ඉදිරියේදී අගමැති හා ජනපතිවෙත ලබාදීමට නියමිතව ඇති බවද මේ අතර වාර්තා වේ.
ධම්මික මහතා, මූල්‍ය අංශ්‍යට නියමිත ක්‍රියා පටිපාටියෙන් තොරව නියෝග නිකුත් කිරීම, අන්තර් කළමනාකාරණ අධ්‍යක්ෂවරයා ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම යන හේතු ඔහුට එල්ලව ඇති බරපතල චෝදනා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here