වතුර බෝතල් වලින් පිටියට දමා ගසා ශ්‍රී ලංකාව අවමානයට ලක්කල කෙහෙළියගේ කෙරුවාව

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවරදී පැවති තුන්වන එක්දින තරගයේ ඉන්දීය කණ්ඩායම ජයග‍්‍රහණයට ඉතා ආසන්නයෙන් සිටියදී ශ‍්‍රී ලංකා ප්‍රෙක්‍ෂකයින් පිටියට පහර දෙන්නට වීම නිසා තරගය නවතා දමන ලදී.තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව සිය පන්දු ඔ්වර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලබා ගත් ලකුණු 217ට පිලිතුරු ලෙස ඉන්දීය පිල පන්දු වාර 43.6කදී කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 210ක් ලබා තිබියදී පේ‍්‍රක්‍ෂකයින් හිස් ජල බෝතල් ආදියෙන් පිටියට මෙසේ පහර දුන්හ.

කැරලි මර්ධන ඒකකය පිටියට පිවිස පිටිය වටා ගමන් කරන්නට වූ අතර ක‍්‍රීඩකයින් සියළු දෙනා පිටිය මැදට පැමිණියහ. පසුව ටික වේලාවකින් තරගය යලි ඇරඹුනු අතර තරගයේ පන්දුවාර 45.1කදී කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 218ක් ලබා ගනිමින් ඉන්දීය පිල ජයග‍්‍රහණය වාර්තා කලේය.

ඊයේ තරගය අතරතුර සිදුවූ මෙම සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් නාමයට එල්ල කල කළු පැල්ලමකි.ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් මෙවැනි තත්වයකට වැටෙයිද?නැතිනම් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් කවුරුන් හෝ පෙලබෙව්වාද?

අපට ලැබුණු විශ්වාසදායි ආරංචි මාර්ග වලින් වාර්තා වුයේ මෙම සිදුවීම පිටුපස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල රමිත් රඹුක්වැල්ලගේ පියා වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ අනුදැනුම පරිදි සිදු වුවක් බවයි.

මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් එලෙස ක්‍රියාවක් සිදුකල හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්ඔහු විසින් තරගය නැරබීම සදහා ප්‍රේක්ෂකයින් ලෙස ඔහුගේ ආධාරකරුවන් කිහිපදෙනෙකුම පල්ලෙකැලේ පිටියට ඇතුළු වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here