වකුගඩු රෝගය තුරන් කරන්නට ඕස්ට්‍රේලියා අනුග්‍රහය!

උතුරු මැද ප්‍රදේශය ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවක පැතිරී ඇති නිධන්ගත වකුගඩු රෝගය නිවාරණය කිරීමට ඕස්ට්‍රේලියා රජයේ තාක්‍ෂණික සහාය ලබා ගැනීමේ ද්විපාර්ශ්වික ගිවිසුමකට කැන්බරා නුවරදී ඊයේ (25දා) අස්සන් තැබිණි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති නිල හමුවෙන් අනතුරුව මේ ගිවිසුමට අස්සන් තැබිණි.
ඕස්ට්‍රේලියා රජයේ න්‍යෂ්ටික විද්‍යා හා තාක්‍ෂණ සංවිධානය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරි ඒඩ්‍රියන් ෆැටර්සන් මහතා සහ වකුගඩු රෝග නිවාරණය සදහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර් මහතා අවබෝධතා ගිවිසුමට අස්සන් කළහ.

මේ අනුව ජනාධිපතිතුමාගේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු සංචාරයේදී රටට සුවිසේෂි වාසි රැසක් ඉදිරියේදී ලැබීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here