ලාංකීය අභිමානය රැකූ බ්‍රිගේඩියර්ගේ වැඩ තහනම පිටුපස සැඟවුන බංකලොත් දේශපාලනයේ හෙළුව!

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කල 70 වන ජාතික නිදහස් සැමරුම් උළෙලේදී “අපේ නායකයා ප්රභාකරන් – අපේ දේශය ඊළාම් දේශය” යනුවෙන් සදහන් කරමින් ලන්ඩනයේ වෙසෙන කොටි හිතවාදී ටැමිල් ඩයස්පෝරාව විසින් සිදු කරන ලද උද්ඝෝෂණයේදී මහා කොමසාරිස් කාර්යාලයේ රාජකාරියේ ආරක්ෂාව භාරව සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා එළියට පැමිණ LTTE ත්‍රස්ත හිතවාදී විරෝධතා කරුවන්ට නිර්භීතව සහ අභිමානවත්ව සිය නිල ඇඳුමේ පැළඳසිටි ජාතික ධජය පෙන්වා අපි ශ්‍රී ලාංකිකයන් බව පෙන්වා සිටියේය. ඔහු විසින් ටැමිල් ඩයස්පෝරාව වෙත දක්වන ලද ප්‍රතිචාරය බුකිය තුල මෙන්ම දේශපාලන න්‍යාය පත්‍රයද ආණ්ඩුවේ පාර්ශවයකට වූවමනා අයුරින් හැඩගැසී ඇති අයුරු සියුම් ලෙස සැසදීමේදී අපට දැකගන්නට හැකියාව ලැබෙනවා.

මෙම විරෝධය පෑමේ සිදුවීමේදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සියුම් ලෙස ආණ්ඩුවේ පාර්ශවයක් විසින් ඔවුනගේ ඉත්තෙක් කරගෙන ඇත. ඔහු නොදැනුවත්ව නමුත් ඔහු අසලම සිටින එ.ජා.ප. ලන්ඩන් ශාකාවේ ප්‍රබල සාමාජිකයෙක් වන ජනක අලහප්පෙරුම නැමැත්තා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේද සම්පුර්ණ සහය ඇතිව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මනදොල පිනවීම උදෙසා මෙම සිදු වීම මෙතරම් දුරක් උලුප්පා මහා පිපිරුමක් බවට පත්කොට ඇත.

ඉහත සිදු වීමෙන් අනතුරුව කොටි ඩයස්පෝරාව විසින් මේ ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිළි කොට ඇත. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයාගේ නියෝග මත එම බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු රණවිරුවාව වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් නෙරපුවේය. මුලු රටම කළඹවමින් මේ සම්බන්ධව ඉකුත් දිනයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ විදේශ කටයුතු ලේකම්වරයා ප්‍රකාශ කළේ මේ සම්භන්ධයෙන් අදාල බ්‍රිගේඩියර්වරයාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි. එසේ ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා තෙක් ඔහුගේ වැඩ තහනම් කරනා බවද මෙම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර තිබුණා. මෙහි තිරය පිටුපස කතාව දෙස පසුවිපරමකින් බලද්දී අදාල නියෝගය අග්‍රාමාත්‍යවරයා විසින් රුවන් විජේවර්ධන අමාත්‍යවරයා හරහා  ව්දේශ කටයුතු ලේකම්වරයා වෙත ලබා දී ඇති බවත් විශ්වාසවන්ත ආරංචිමාර්ග අප වෙත තහවුරු කළා.

ආණ්ඩුව වෙත එල්ල වන බරපතල වංචා දුෂණ සියල්ල යට ගැසීම අරමුණ කොට, එමෙන්ම තව දින තුනකින් පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට වාසි ලබා ගැනීමට උතුරේ සහ නැගෙනහිර චන්ද රනිල් වෙත ලබාගැනීමේ සියුම් උපායක් ලෙස මෙය දැක්වීමටද හැකිය.

මෙම කුප්‍රකට සැලසුමේ මහමොලකරුවන් මේ වනවිට හෙළිවී හමාරය නමුත් ඔවුන්ගේ සියලු සැලසුම් සුනු විසුනු වී ඇත. එයට හේතුව මේ පිළිබඳව දැනගත් වහාම සංවේදී හා දැඩි තීරණයක් ගත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වහාම විදේශ අමාත්‍ය ලේකම්වරයා අමතා මේ පිළිබඳව කරුණු විමසා ඇති අතර රට වෙනුවෙන් හා රටේ අභිමානය වෙනුවෙන් කටයුතු කල හමුදා නිලධාරියාගේ සේවය නැවත පිහිටුවා ලිපිය සකස් කර යවන ලෙසට නියෝග කර ඇත. අනතුරුව අදාළ හමුදා බ්‍රිගේඩියර්වරයා දුරකතනෙන් අමතා ඔහුගේ සේවය නැවත පිහිටුවීම පිළිබඳව දැනුම් දෙමින් රට වෙනුවෙන් ඔහුගේ ක්‍රියාව අගය කොට ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ වනවිට ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය දේශීය මාධ්‍යවේදීන්ගේ පැසසුමට ලක්ව ඇති අතර, විදෙස් මාධ්‍යවේදීන්ගේ බරපතළ විවේචනයට ලක්ව තිබෙනවා. මේ සම්භන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ ආරක්ෂක ලේකම් වරයාට පවසා ඇත්තේ අදාල බ්‍රිගේඩියර්වරයා රටට ආදරේ මිනිසෙකු බවත්, යුද්ධයේ අවසන් මොහොතේ සිවිල් ජනතාව මුදා ගැනීමේ මානුෂිය මෙහෙයුමේදී විශාල සේවයක් කල බවත් ඔහුට පැමිණෙන විදෙස් බළපෑම් සියල්ලම තමන් බාරගැනීමට සූදානම් බවත්ය. ඒ වගකීම සිතේ දරාගෙන මේ තීන්දුව ගත් බවත් ජනාධිපතිවරයා පවසා ඇති බව වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here