රුසියාව තේ තහනම ඉවත් කරයි – මෛත්‍රී මාවත ලොව දිනු හැටි මෙන්න! (VIDEO)

රුසියාව විසින් මෙරට තේ මිලදී ගැනීම සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කර තිබේ.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ දෙරටේ නියෝජිතයින් අතර අද(25) පැවැති සාකච්ඡාවලින් අනතුරුව අදාළ තහනම ඉවත් කිරීමට රුසියානු රජය තීරණය කළ බවයි.

ඒ අනුව මේ මස 30 වනදා සිට රුසියාව යළි මෙරටින් තේ මිලදී ගැනීමට අපේක්ෂිතය.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවය මෙම තහනම ඉවත් කර ගැනීමට විශේෂයෙන් බලපෑ බව වෛද්‍ය සමන් වීරසිංහ මහතා  ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපතිවරයා වෙත තහනම ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ලිපියක් ද යොමු කර තිබූ බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙරටින් ආනයනය කළ තේ තොඟයක කෘමියෙකු සිටි බවට එල්ල වූ චෝදනාවලින් පසු පසුගිය 18 වනදා සිට රුසියාව අදාළ තහනම පනවා තිබුණි.

පසුගිය රජය සමයේ යුරෝපා සංගමය තහනම් කල GSP+ අත් හිටුවීම සහ යුරෝපා මත්ස්‍ය තහනම එකල රජයේ අදුරදර්ශී රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලි හමුවේ ලංකාවට පැනවූ අතර එදා එම තහනම ඉවත් කිරීමට තබා සාකච්චා කිරීමට පවා ජාත්‍යන්තරය ප්‍රතික්ෂේප කල අතර එදා තහනමට ලක්වූ එම සහනද වත්මන් රජයේ යහපාලන ප්‍රතිපත්ති හේතුවෙන් නැවත ලබා ගැනීමට හැකිවිය.

රටක් ලෙස පක්ෂ පාට භේධයෙන් තොරව පිළියම් සෙවිය යුතු වූ මෙම රුසියානු තේ තහනම අවස්ථාවේ කාලකන්නි ලෙස දේශපාලනය කරපින්නා ගනුමින් සතුටු වූ සමහරකට හා රජයට චෝදනා එල්ල කල සමහර පුද්ගලයින්ට මේ තීන්දුව හමුවේ මෛත්‍රී පාලනයක් තුල ජාත්‍යන්තරය අප සමග සිටිනබව නැවත වරක් ඔප්පු කොට දී හමාරය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here