රුපියල් කෝටි 18100ක වියදමින් වැඩ අවසන් වන මොරගහ කන්ද ජලාශයේ විදුලි ජනන ඒකකයේ විස්තර

රුපියල් කෝටි 18100ක වියදමින් ඉදිකෙරෙන මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතියේ විදුලි ජනක පද්ධතියේ වැඩ අවසන් වෙයි. ජාතික විදුලිබල පද්ධතියට ඝෘජුව මෙගා වොට් 25 ක් එක්වන මෙම බලාගාරයේ විදුලිය නිපදවීමත් සමග වාර්ෂිකව ඉතිරිවන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 කි.

මොරගහකන්දේ වැඩ සියයට 98ක් අවසන් කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය යටතේ මෙරට ඉදිවන අවසන් මහා වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ මේ වන විට 98%කට වඩා වැඩි ප‍්‍රමාණයක වැඩ අවසන් බව ව්‍යාපාති අධ්‍යක්ෂ ආර් බී තෙන්නකෝන් මහතා පවසයි.

මොර ගහ කන්ද ව්‍යාපෘතිය පසුගිය පාලන සමයේ මහවැලි අමාත්‍ය වරයා ලෙස සිටි වර්තමාන ජානාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ආරම්බ කරනලද අතර. පසුව අමාත්‍යංශ වෙනස් වීමත් සමග එම ව්‍යාපෘතිය අතරමග නවතා දමා තිබිණ. 2015 නැවත මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධ්පති ධුරයට පත්වීමත් සමග මෙම ව්‍යාපෘතිය කඩිනම් කර ජනතාවට සෙත සැලසීම සඳහා දැයට දායාද කිරීමට සැරසෙයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here