රාජිතගේ විශ්වාසභංගයට ඉඩක් දෙන්නේ නැහැ.. සභානායකගෙන් ප‍්‍රකාශයක්

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව කතානායකවරයා වෙත භාර දී ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනිමට අවස්ථාවක් ලබා නොදෙන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. 
ඔහු පෙන්වා දෙන්නේ අදාල විශ්වාසභංග යෝජනාවේ නීතිමය ගැටලු රැසක් පවතින බවයි. මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යරයා මේ බව කියා සිටියා. 
ඔහු කියා සිටියේ විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට ඉඩ නොදෙන බවයි. මෙම විශ්වාසභංග යෝජනාවේ බරපතල ගැටළු තිබෙන බවයි. එම ගැටළු අවශ්‍ය වෙලාවට ඉදිරිපත් කරන බවයි ඔහු කියා සිටියේ. මෙම විශ්වාසභංග යෝජනාවට විරුද්ධව කතානායකවරයට නීති ප්‍රශ්න ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහු කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here