රස්නය ගැන කලබල වෙන්න එපා!

ඉදිරි දිනවලදී අධික උෂ්ණත්වයක් ඇති වෙන බවට වන ප්‍රචාර සම්බන්ධයෙන් කලබලභාවයක් නොදක්වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

එම දෙපාර්තමේන්තුව අද (04) දිනයේ නිකුත් කළ නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ ඉදිරි කාලයේදී වැසි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවත් මේ හේතුවෙන් අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් වන ප්‍රචාර සම්බන්ධයෙන් කලබලභාවයට පත් නොවිය යුතු බවත් ය.

එම දෙපාර්තමේන්තුවේ අනාවැකි කරන අධ්‍යක්ෂක වන අතුල කරුණානායක පවසන්නේ පසුගිය සමයේ රටේ උපරිම උෂ්ණත්වය පොළොන්නරුවෙන් වාර්තා වූ බවත් එය සෙන්ටිගේඩ් අංශක 38.00ක් වන බවත් ය.

සුළං හා වැසි වර්ධනය වීමත් සමග මෙම තත්ත්වය ඉදිරි දිනවලදී පහ වනු ඇති අතර එසේ නොවන්නේ නම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව දැනුම් දෙන බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here