රනිල්ගේ අගමැතිකමට අභියෝගයක්

2018.02.10 දිනයේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයත් සමඟ වර්ථමාන දේශපාලන තත්ත්වය විග්‍රහකරමින් එජාප ප්‍රබලයන් හා ජ්‍යෙෂ්ඨයන් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර පහත ඇති කරුණු සඳහා එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් විශේෂ අවධානය යොමු කර ඇත.

01. සමස්ථ ප්‍රතිඵලය විග්‍රහ කිරීමේ දී එක්සත් ජාතික පක්ෂය 32 % කට අඩු ඡන්ද ප්‍රමාණයන් ලබා ඇති බැවින් දෙවතාවක් ජනපති අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකෙරුනු පක්ෂයක් හැටියට ජනපති ක්‍රමය අහෝසි නොකර මීළඟට එළබෙන මැතිවරණය ජනාධිපතිවරණය වේනම් එය කිසිසේත් ජයගැනීමට නොහැකි බව. කරුණු එසේ බැවින් පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක බලයක් සහ ජන මත විචාරණයකට ගොස් විධායක අගමැති කෙනෙකු පත් කර ගැනීමේ ක්‍රමයකට යා යුතුව ඇති බවට.

02. මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කර එක්සත් ජනතා නිදහස් සන්ධානය/ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතුවී පළාත් පාලන ආයතනවලින් උපරිම පාලන බලයක් ලබා ගැනීමට උත්සාහය දැරිය යුතු යැයි දැඩි ලෙස අවධාරණය කර සිටිය බව.

03. පළාත් පාලන ආයතන වල පාර්ලිමේන්තුවේ ජාතික රජය මෙන් එක්සත් ජාතික පක්ෂ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එකතු කර පාලන බලය පවත්වා ගෙන යාමට හැකියාව නැත්නම් පාර්ලිමේන්තුවේ ජාතික රජයෙන් ඉවත් වී අලුත් රජයක් පවත්වා ගෙන යෑමට අවස්ථාවක් සැලසිය යුතුය. එය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වී බහුතර බලයක් ඇතිව තනි එක්සත් ජාතික පක්ෂ රජයක් පත් කර ගැනීමටත් පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය ඇති පුද්ගලයා හැටියට මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශ්වාස කරන අයෙකු තෝරා පත් කර ගැනීමට අවස්ථාවක් සැලසීම.

04. එක්සත් ජාතික පක්ෂය කඩා වැටීමට බලපෑ ප්‍රධාන කරුණ ලෙස දක්වා ඇත්තේ හෝරුන් ආරක්ෂා කිරීමේ දෙබඩි පිළිවෙතක් එක්සත් ජාතික පක්ෂය විසින් අනුගමනය කිරීමයි. එයට ජනතාව නිසි පිළිතුරු ලබා දී ඇති බව ඔවුන් දරණ අදහසයි.
ඔවුන් යෝජනා කර ඇත්තේ හොරුන්ට දඬුවම්දීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදනය කළ යුතු බවයි.

05. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය මූලිකත්වය දුන් නමුත් එම මැතිවරණයේ ප්‍රධාන කරුණ වූ දූෂණ විරෝධී කටයුතු ඉටු නොවීම නිසා ජනතාව විසින් දෙන ලද දඬුවමක් ලෙස මෙම ප්‍රතිඵලය විග්‍රහ කළ හැකි බව.

එබැවින් ඉහත කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා වර්ථමාන පාර්ලිමේන්තුව තුළ හැකි ඉක්මනට අවශ්‍ය නීති රීති සහ අවශ්‍ය රෙගුලාසි අනුමත කර වරදකරුවන්ට දඬුවන් දිය යුතු වේ.

එජාපය සුලු ජාතීන් ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට එකගතාවයක් පල කළත් සුලු ජාතීන්ගේ නියෝජනයන් සහ උතුරු නැගෙනහිර ජනතාව හා මධ්‍යම කදුකර ටී.එන්.ඒ. නොවන අය අතර බහුතර දෙනාගේ සහයෝගය මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රකාශ කර ඇති බැවින් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නොහැකි වුව හොත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහයෝගය නොමැතිව ප්‍රධාන මැතිවරණයක් ජයග්‍රහනය කිරීමට අපහසු බව පෙනේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here