රංජන් අද පාදෙනියගෙන් ඛෙහෙත් ගන්න නවලෝකෙට යයි

අද ගමේ ගොඩේ දොස්තරලා ඉස්පිරිතාලේ නාවට හවසට ඩිස්පෙන්සරියට එයි. මේ වර්ජන සංවිධානය කරන පාදෙණියලා සුපුරුදු පරිදි චැනලින් සේවයේය. ඒත් ඔවුන් වර්ජනය කරන්නෙ පුද්ගලීකරණයට එරෙහිවය. පුද්ගලික සේවා හරහා මඩි තරකරගන්නා ඔවුන් පුද්ගලීකරණයට විරුද්ධ වන්නේ ඔවුන්ගේ මාකට් ෂෙයාර් එකට කෙලවෙන නිසා බව පැහැදිලි ය.
අනෙක් අතට ඔවුන් මඩවන්නෙ අපේ රටේ අහිංසක මිනිසුන් මිස ඇති හැකි එකා නොවේ.

මේ දොස්තරලාගේ පන්තිය කුමක්දැයි ජනතාව තේරුම් ගත යුතු ය.

හැම දොස්තර කෙනෙක්ම මුදල් අභිලාෂයෙන් වැඩ නොකරන බව ඇත්ත ය. ඒත් හැකි විට එසේ කරයි. අද දැනල් සේවා කොළඹට සීමා වී නැත. හැම නගරයකම පාහේ විශේෂඥ වෛද්‍යවරුන්ද හමුවිය හැකි චැනල් සේවා ඇරඹී ඇත. අඩියෙන් අඩියට ඩිස්පැන්සරි ය. දොස්තරලා මුදල් හරි හම්බ කළ යුතු ය. වැඩි වැඩියෙන් පුද්ගලික සේවාවන් ව්‍යාප්ත කළ යුතු ය. අපේ රටේ රජයේ රෝහල් වල ගුණාත්මක තත්වය නැංවීමට පුද්ගලික අංශය ආදර්ශ සපයා ඇත. මේ ආදර්ශමත් පුද්ගලික රෝහල් ගොඩනැගීමේදී විශිෂ්ඨ සේවාවක් ලබාදෙමින් ඒ සදහා දායක වුයේ අපේ රටේ දොස්තරලාමය.

මේ පහතින් දැක්වෙන්නේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් වැඩවර්ජනයක් පැවැත්වෙන අද දින හවස (04.05 චප) නවලෝක පෞද්ගලික රෝහලේහී වෛද්‍ය අනුරුද්ධ පාදෙනියගෙන් චැනලින් සේවාවක් ලබා ගැනීමට ඉල්ලුම් කර මුදල් ගෙවා තිඛෙන රිසිට් පතයි.

1 COMMENT

  1. පාදෙණිය මහත්තය veterinary surgeonsලාගේ රාජකාරි වලට අත පෙවීමට තරයේ විරුද්ධ වෙමු!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here