මිනිසුන්ගේ දුක් අදෝනා විකුණාන දෙරණේ චතුරට වෙච්ච දේ මෙන්න (Video)

පසුගියදා දෙරණ මාධ්‍ය ජාලය හා ගුවන් හමුදාව අවතැන් ජනතාවට ආධාර බෙදීමේදී සිදුවූ යම් සිදුවීමක් සමාජ ජාල වාර්තා කරනු ලැබුවා. විවිධ සමාජ ජාල පුරවැසි මාධ්‍යක් ලෙස තම තමන්ගේ මතය දක්වද්දී එම මතය සමාජය තුල ඉතා සීග්‍රයෙන් ප්‍රචලිත වනු දකින්නට ලැබුනා.

කෙසේ වෙතත් අද එම රුපවාහිනි නාලිකාවේ උදෑසන පුවත්පත් කියවන නිවේදකයා එම සමාජ ජාල පුවත පිළිබඳව ඇත්ත නැත්ත ප්‍රකාශ කරනු වෙනුවට සිදු කල ප්‍රකාශය හරි අපුරු එකක්. ඔහු සඳහන් කලේ ගුවන් හමුදාවට පවා අවශ්‍ය භාණ්ඩ ලබා දුන්නේ තම නාලිකාව බවත් කිසිවෙකු නොගිය තැන්වල පවා ඇවිද යමින් තම නාලිකාව සිදුකල සේවය දරා ගැනීමට නොහැකි අය මෙසේ චෝදනා කරන බවයි. ඒවාට තමන් නැවැත්විය නොහැකි බවත් ඔහු පුරාජේරු බස් දොඩමින් ඔහු කියා සිටිනු දක්නට ලැබුණා. ඔහු ඉතා කේන්තියෙන් සිටින බව හොදින් වැටහෙනවා

අපට මතක් කිරීමට ඇත්තේ කට කියවන විට මොලය off  වන මෙවන් නිවේදකයන් සමාජ ජාල වලට මෙසේ තර්ජනය කිරීමට එන්නේ රෙදි ඇඳගෙනද කියාය. තම නාලිකාවේ අයිතිකරු කඩේ යන දේශපාලකයන්ගේ මතය කිසිම හිරිකිතයක් නැතුව සමාජ ගත කිරීම සඳහා උදේ පාන්දර සිට තම නාලිකාවේ කෑ මොර දෙන ඔබවන් නිවේදකයින් අපටනම් ගානක්වත් නැත.

ගංවතුර සමයේ ඔබ සියලු නාලිකා ජනතාවට උදව් කිරීමට පැමිණෙන්නේ ජනතාව ගැන සැබෑ ආදරයෙන් නම් එය ඉතාමත් අගනා දෙයකි. නමුත් ඔබ කරන්නේ ආධාර බෙදන ගමන් අරයට වඩා අපි ආධාර දුන්නා අපි උදව් කරා ඒ නිසා අපිව නරඹන්න යන කැම්පේන් එක ගංවතුරේ දියත් කිරීම සහ තමන්ගේ නාලිකාව විකිණීම බව සියලුම දෙනා දනී.

එමෙන්ම රට වටේ ගොස් සල්ලි බෙදන ඔබ වැනි නාලිකා මෙවන් අවස්තාවක ජනතාවගේ බඩු එකතු කර තමන්ගේ නාලිකාවේ නමින් ගෙනියන්නේ ඇයි… රටේ සභ්‍යත්වය හා සංස්කෘතිය මුදලට විකුණන ඔබලා  උපයන කෝටි ගණන් මුදල් මේ වෙනුවෙන් වියදම් නොකරන්නේ ඇයි? ජනතාවට ඔතරම්ම උදව් කරනවානම් එය මාධ්‍ය තරඟයක් කරගෙන ඔතරම් දඟලන්නේ ඇයි?

ඔබ ඔය කතා කරන්නේ කේන්තියෙන් බව අප දනිමු. නමුත් අපට කරන්නට දෙයක් නැත සමාජ මාධ්‍ය වන අප වාර්තා කරන්නේ සමාජය වෙනුවෙන් හා පුරවැසියන් වෙතයි. අපට ඔබට මෙන් දේශපාලන න්‍යායපත්‍ර හෝ පුද්ගලික න්‍යාය පත්‍ර නැත. අපට ඔබලාට මෙන් දේශපාලකයන්ගෙන් හෝ ලොකු ලොක්කන්ගෙන් වරදාන වරප්‍රසාද නැත නමුත් ඔබලා ඔබලාගේ නාලිකා ප්‍රධානියාගේ මතය හා දේශපාලනය සමාජගත කරන්නට තැත් කරන විට අප සමාජය නියෝජනය කරමින් සමාජයේ මතය ඉදිරිපත් කරන්නෙමු. සමාජ මාධ්‍ය හා පුරවැසි මාධ්‍ය යනු එයයි. අනික ගින්නක් නැතුව දුමක් නගින්නේද නැත. ඔබට ඔතරම් කේන්ති ගන්නට කාරණාවක්ද නැත ඔබ එකී වරද නොකලානම් ඔතරම් නටන්නටද අවශ්‍ය නැත.

අවසන් වශයෙන් කීමට ඇත්තේ ඔබ උදේ පාන්දර පත්තරේ කියවනවා කියමින් ඔබේ හා ඔබේ ලොක්කාගේ මතය ජනතාවට දෙන්නට දඟලන දැඟලිල්ල නවතා දමා පත්තරේ පමණක් කියවා යනවනම් ඉතා අගනේය යන්නයි…

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here