මැතිවරණය දෛනික මහජන සේවාවලට බාධාවක් නොවිය යුතුයි: ජනපති අවධාරණය කරයි

මැතිවරණ කටයුතු හේතුවෙන් රාජ්‍ය ආයතන මගින් සිදු කෙරෙන දෛනික මහජන සේවාවන් කිසිසේත් අතපසු නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍යංශ ලේකම්වරු සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදීය.

කිසිදු රාජ්‍ය ආයතනයක් සතු දේපොළ සම්පත් හෝ වාහන මැතිවරණ කටයුතු සඳහා භාවිත කිරීමට ඉඩ නොතැබීම අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වගකීමක් බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here