මාධ්‍ය උදේ ඉදන් අපිට බනිනවා…ආණ්ඩුවෙන් කිසිම දෙයක් ගංවතුර වෙනුවෙන් කරල නැහැ වගේ…සුජීව(Video)

වත්මන් රජය විසින් හඳුන්වාදී ඇති රක්ෂණ ක්‍රමය මඟින් ආපදාවට පත්වූ ජනතාවට විශාල සහනයක් සැලසී ඇති බව සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ පසුගිය වසරේදී ඇතිවූ මෙවැනි ආපදා තත්ත්ව වලදී අදාළ රක්ෂණ ක්‍රමය මඟින් ජනතාවට සහන සැලසුනු බවයි.

මාධ්‍ය උදේ ඉදන් අපිට බනිනවා ආණ්ඩුවෙන් කිසිම දෙයක් ගංවතුර වෙනුවෙන් කරල නැහැ වගේ.අපි අගය කරනවා මාධ්‍ය කරන කාර්යභාරය ගැන .ඒ වගේම ආණ්ඩුවත් වගකීමෙන් වැඩකරනව අපිට කැක්කුමක් තියනවා මේ ජනතාව ගැන .අපි සම්පුර්ණයෙන් විනාශ වුනු හැම ගෙදරකටම ලක්ෂ 25 ගානේ ලබා දෙනවා වගේම විවිද ක්‍රියාමාර්ග මගින් උපකාර කරනවා .සමහර මාධ්‍ය කියනවා ආණ්ඩුව ජනතාව වෙනුවෙන් වැඩක් කරන්නේ නෑ කියල හමුදාවෙන් විතරලු වැඩ කරන්නේ .
හමුදාව යොමුකරලා තියෙන්නේ රජය කියලා මාධ්‍යට අමතක වෙලාද දන්නේ නෑ අවතැන් පිරිස් සදහා සහන සලසන්න හමුදාව හැමතැනටම යොමු කරේ රජයේ මැදිහත් වීම මත. සමහරු හිතනවා කව්රු හරි ගිහිල්ල අච්චිකෙනෙක් වඩා ගත්තම ඔක්කොම හරි කියලා . අපිටත් පුළුවන් කොහෙන් හරි ආච්චි කෙනෙක් හොයල වඩා ගන්න . එහෙම කරා කියල රට සංවර්ධනය වෙන්නේ නෑනේ . එදා ඉදන් මහින්දයි මහින්දගේ හෙන්චයියන් කරේ මිනිස්සු ගොනාට අන්දන එක. මාධ්‍ය සංදර්ශන විතරයි. අනිවාර්යෙන් රජය සියලුම ජනතාව වෙනුවෙන් අවධානය යොමු කරලා සහන සලසනවා දැනටමත් ඒ දේවල් ප්‍රාදේශීය ලෙක්ම කාර්යාල හරහා ආරම්භ වෙලා තියෙන්නේ.

කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙවැනි ආපදා තත්ත්ව කල්තියා නිෂ්චිතව හඳුනාගැනීම අපහසු බව  සුජීව සේනසිංහ මහතා පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here