මහේෂ් සේනානායක හමුදාපති ධූරයට පත් වේ

මහේෂ් සේනානායක මහතා හමුදාපතිධූරයට මීට සුළු මොහොතකට පෙර පත් කර ඇති බව වාර්තා වේ.

ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්කිරීමෙන් පසු හමුදාපති ධූරය හිස්ව පැවතුණි. ඒ සඳහා පත් කෙරුණු මහේෂ් සේනානායක මහතා යුද හමුදාපති තනතුරට පමණක් දෙවැනි වන ජ්‍යෙෂ්ඨතම තනතුර වන මාණ්ඩලික ප‍්‍රධානී තනතුර දරමින් සිටියේය.

මහේෂ් සේනානයක මහතා යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති ලෙස දමිල නායකයන් හා රාජ්‍ය සේවකයන් සමග සහයෝගයෙන් කටයුතු කළ නිලධාරියෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුළන ලබන පුද්ගලයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here