මහින්ද ඇතුලු හතරක් පක්ෂයෙන් නෙරපයි!

මධ්‍යම කාරක සභා තීන්දුව කඩකරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු මන්ත‍්‍රීවරුන් ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ මැයි දින රැුලියට සහභාගී වුවහොත් පක්ෂ ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනූව ඔවුන්ට එරෙහිව දැඩි තීන්දුවක් ගන්නා බව ශ‍්‍රීලනිප මහ ලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

මෙම තීන්දුව ගැනීම සදහා මැයි දිනය අවසන් වූ වහාම ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැුස්කරන බව හෙතෙම පැවසීය.

තාවකාලිකව පක්ෂය තහනම් කර විනය පරීක්ෂනයක් පවත්වා පක්ෂයේ විනය කඩ කරන ඔ්නෑම කෙනෙකු පක්ෂයෙන් නෙරපීමේ බලය මධ්‍යම කාරක සභාව සතු වන බව ද දිසානායක මහතා සිහිපත කළේය.

මහනුවර ගැටඹේ පැවැත්වෙන ශ‍්‍රීලනිපයේ මැයි දින රැුලියට සහභාගී වවන ලෙස පක්ෂය නියෝජනය කරන සියලු දෙනාටම දැනුම් දී තිබයදී යම් මන්ත‍්‍රීවරයෙක් හො ක‍්‍රියාකාරිකයෙක් එම තීන්දුව කඩ කරන්නේ නම් ඔවුන් සම්බන්ධව පක්ෂයේ විනය නීති රීතිවලට අනුකූලව ක‍්‍රියා කළ යුතු බවට මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගෙන තිබෙන බවද ඒ මහතා පැවසීය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ප‍්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ සහ විධුර වික‍්‍රමනායක යන මන්ත‍්‍රිවරුන්ගේ තනතුරු සම්බන්ධවද එහිදී තීරණයක් ගැනීමට නියමිතය.

ශ‍්‍රීලනිපය සංවිධානය කරන මැයි රැුලියට සහභාගී නොවී වෙනත් පක්ෂයක් හො කණ්ඩායමක් සංවිධානය කරන මැයි දින රැුලියකට මහින්ද රාජපක්ෂ මහතා හො මන්ත‍්‍රීවරයෙක් සහභාගී වන්නේ නම් මෙවර ඒ කිසිවකුටත් සමාව නොලැබෙන බවද සදහන් කළේය.

-දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here