මහින්දලා පොල් ගහද්දි මෛත්‍රීගෙන් රටට සෙත් පතා පිරිත් දේශනාවක් !(VIDEO)

රාජ්‍ය වූ කලී ආණ්ඩුව නොහොත් පාලනය ගෙන යන්නාවු ව්‍යුහයයි.විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණ යන්නාවු ව්‍යුහය තුලින් ආණ්ඩුව නිර්මාණය වී ඇත.රට යනු ආණ්ඩුවයි. ආණ්ඩුවක් නොමැති රටක් ලංකාවක් ගැන ඔබට සිහිනයකින් හෝ සිතිය හැකිද? යපසුගිය කාලයේ ආණ්ඩුව භංග වේවා කියමින් පොල් ගෙඩි දහස් ගණන් ගැසූ මහින්දගේ ඒකාබද්ධ විපක්ෂය පැතූ ඒ පැතුම ඉටු වී ඇත.නිරපරාදේ ආණ්ඩුවට හෙණ ඉල්ලීම සමස්ත රාජය්‍යයටම(රටටම) හෙණ ඉල්ලීමකි.ඒ අයුරෙන් බලන කල ඒකාබද්ධ විපක්ෂය පොල් ගසා ඇත්තේ රට භංග වීමටය.ස්වභාවික විපත් තුලින් සිය ගණන් ජීවිත අහිමි වෙයි.ඒකාබද්ධ විපක්ෂය රටට ආදරේ නැත.

තමන්ගේ පැවැත්ම හා හුදෙක් තමාගේ බඩ ගැන පමණක් සිතන පාපතරයන් හෙණ ඉල්ලා නිරපරාදේ පොල් ගසා කන්නලව් කර ඉල්ලූ කාරණයේ ප්‍රතිපලය ලැබී අහවරය.කල යුත්තේ රටට හා ජනතාවට සෙත් පැතීමයි.රටේ රාජ්‍ය නායකය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රටට හා සියලු ශ්‍රී ලංකා වාසි ජනතාවට සෙත් පතා මහා බලැති රතන සූත්‍ර පිරිත් දේශනාව ජූනි මස 5 වන අද දින නිදහස් චතුරස්‍රයේදී දහස් නමකගේ හා ත්‍රෛනිකායික මහා නාහිමිපාණන් වහන්සේලාගෙ මුලිකත්වයෙන් අද පැවැත්වෙයි.බුද්ධ කාලයේ විශාලා මහ නුවර තුන්බිය දුරුකිරීමට පවා සජ්ජායනය කරන ලද්දේ රතන සූත්‍රයයි.මහින්දලා රටට හෙණ ඉල්ලා පොල් ගැසුවාට රටට ආදරේ නායකයා එසේ නොකරයි.ඔහු ජනතාවට හා රටට සෙත්පතයි.සැබෑ රටට හිතැති නළුවෙකු නොවන පාලකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව කාටත් නොරහසකි.

උපුටාගැනීම- Mahajanathawa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here