මහින්දගේ වයර් ෂෝට් වෙලාද ?

පසුගියදා හිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශයක් දෙමින් කියා සිටියේ තමන් තවමත් නිදහස් පක්ශයේ සභාපතිවරයා බවයි.එම ප්‍රකාශය කන වැකුණු වහාම ලියුම්කරු වූ මා හට අධෝ මුඛයෙන් පවා සිනහ පහළ විය. 2015 ජනවාරි අට වෙනිදා සිදුවූ දරුණු පරාජයත් සමඟම එම මසම 11 වෙනිදා චමල් රාජපක්ෂ මහතාගේ කතානායක නිළ නිවසේදී පැවති සාකච්ඡාවට සහභාගී වූ හිටපු ජනාධිපතිවරයා පක්ෂයේ විධායක කමිටුව ඉදිරියේම තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වී එය නව ජනාධිපතිවරයා යටතට ලබා දෙන බව ප්‍රකාශ කළේය.

මෙය මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී හිටපු ජනපති සහෝදරයා වූ චමල් රාජපක්ෂ පවා අනුමත කළේය. එදා මහින්ද රාජපක්ෂ ව්සින් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියව පක්ෂ සභාපතීත්වයෙන් එලවන්න ගෙනා සංශෝධනය මහින්දව සභාපතීත්වයෙන් ඉවත්කරන්නත් හේතු වූ බව මේ වන විට පර්සි මහේන්ද්‍රට අමතකව ගොස් ඇත.ඒ බව දැන දැනත් මහින්ද නොදන්නා සේ රඟපෑම අපිට ජුගුප්සාජනකය.

කවුරු කෙසේ කීවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මිස වෙන කිසිවෙකු නොවන බව පාඨක ඔබ හට අවධාරණය කළ යුතුමය.

පක්ෂ ව්‍යවස්ථාවේ 12 (2) වගන්තියට අනුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරීමකින් තොරවම හිමි වන බව පර්සිට දැන්වත් වැටහී ඇත්දැයි සාධාරණ සැකයක් මා තුල ජනිත වේ. එදා මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩානායක මහත්මිය පක්ෂයේ සභාපතිත්වයෙන් එලවන්න මේ වගන්තිය සංශෝධනය කර පක්ෂ සභාපතීත්වය ලබා ගත් බව ඔහුට අමතකව ගොස් ඇත.

මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂ සාමාජිකයෙක් රටේ විධායක ජනාධිපති වූ විට ඔහු ඉබේම පක්ෂයේ සභාපති බවට පත් වීමේ නෛතික රාමුවක් පක්ශ ව්‍යවස්ථාව මඟින්ම තහවුරු කළේද ඔහුගේ කෛරාටික වැඩ නිසාමය.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසු පක්ෂ මධ්‍යම කාරක සභාව සහ විධායක කමිටුව කතානායක නිළ නිවසේදී රැස්වූ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ විසින් කිසිවෙකුගෙන් හෝ නොවිමසා මෛත්‍රීපාල මහතාට සභාපතිකම පිරිනැමීමෙන් පසුව වර්තමාන ජනාධිපතිතුමා පක්ෂ සාමාජික ලෙස සියලු පක්ෂ ජ්‍යේෂ්ඨයන්ට ගරු කිරීමක් ලෙස කටයුතු කිරීමට හැකිවන පරිදි 12(1) වගන්තිය පමණක් සංශෝධනය කළේය .

ඒ අනුව පක්ෂයේ සාමාජිකයෙකුව සිට ජනාධිපති හෝ අගමැති ලෙස පත්ව ධූරයෙන් ඉවත් වූ විට ඒ අය පක්ෂ අනුශාසක තත්ත්වයට පත්වන ලෙසටත්, පක්ෂ සභාපති අභිමතය පරිදි පක්ෂ ජ්‍යේෂ්ඨ පාක්ෂිකයන් අනුශාසක තනතුරට පත්කිරීමටත් හැකියාව ලැබෙන ආකාරයටයි. මේ අනුව මහින්ද මහතා අනුශාසක ධූරය බාර ගත් අතර දැන් සභාපතිකම ගැන කතාකරනනේ කොතන සිටද කියා බැලිය යුතුයි.මේ වන විට දිවයින පුරා බෝධිපූජා සහ රැස්වීම් වලට යමින් පොහොට්ටුවක් ප්‍රවර්ධනය කරමින් සිටින අතරතුර නිදහස් පක්ෂයේ සභාපතීත්වයක් ගැන පැවසීම විහිළුසහගතය.

අවසානයේ කීමට ඇත්තේ මෙපමණකි.පක්ෂයක අනුශාසකත්වය හා සභාපතිත්වය නොහඳුනන, අමතකවීමේ රෝගයකින් සහ මානසික ව්‍යාධියකින් පෙළෙන මෙවැනි බල ලෝභියන් යළි රටේ නායකත්වයට පැමිණීමට යත්න දරන්නේ රටේ අවාසනාවට විය යුතුය.දැන්වත් දෑස් හැර බලන්න..සත්‍යයට, යථාර්ථයට මුහුණ දෙන්න..

රෙජී වෙත්තසිංහ
( ජේෂ්ඨ මාධ්‍යවේදී )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here