මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවනම් බටලන්දත් මතු කරනවා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනාව ද දේශපාලන වේදිකාවේ මේ වනවිට ප‍්‍රධාන මාතෘකාවක් වී තිබෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පැවසුවේ මෙම යෝජනාව ක‍්‍රියාත්මක කිරීමට යමෙකු උත්සහ කළහොත් යටගිට බටලන්ද කොමිසමේ වාර්තාව ද නැවත මතුකර ගැනීමට සිදුවන බවයි අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් පැවසුවේ.

 

බටලන්ද කොමිසමේ වාර්තාව එළිදක්වනු ලැබූයේ ඉකුත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිව සිටියදීයි. පසුව මහින්ද රාජපක්ෂ මහතා ද ජනාධිපති ධුරයේ කටයුතු කළා. ඒ අනුව බටලන්ද කොමිසමෙන් චෝදනාවට ලක්වූවන්ට එරෙහිව පියවර ගතයුතු නම් එම පාලන සමයන්හිදී ඒ සඳහා කටයුතු නොකලේ මන්දැයි මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කර සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනද බටලන්ද කොමිසම කරලියට ගෙන ආයුතු බව අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here