මහින්දගේ කාලේ මාධ්‍ය තර්ජන මෙන්න – හිටපු සභාපති ආරියරත්න ඇතුගල සමාව ගනී

රූපවාහිනි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරු තිදෙනෙකුට බැන තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාලව එම සංස්ථාවේ හිටපු සභාපති මහාචාර්ය ආරියරත්න ඇතුගල ඇතුළු තිදෙනෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ ඔවුනට සිංහල ක්‍රමයට ආචාර කර සමාව ගනු ලැබීය.

2010 වසරේ දී දේශපාලන වැඩසටහනක පැවති රජය විවේචන කිරීම සම්භන්ධයෙන් රූපවාහිනි සංස්ථාව ඇතුලත දී වැඩ සටහන් නිෂ්පාදකවරු තිදෙනෙකු වු රවී  අබේවික්‍රම,හර්බට් කුමාර අලගියවන්න, කාංචන මාරසිංහ යන තිදෙනාට බැන තර්ජනය කළැයි කුරුදුවත්ත පොලිසිය විසින් මෙම නඩුව අධිකරණයට  ඉදිරිපත් කර  තිබිණි.

එම අනුව මෙලෙස ඔවුන්ගෙන් සමාව ගනු ලැබුවේ මහාචාර්ය ආරිරත්න ඇතුගල,එවකට  රූපවාහිනි සංස්ථාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ,එවකට  සහකාර ප්‍රවාහන නිලධාරී ටී.ජි. සෝමපාල යන වේ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here