මහා ගංවතුර හා නාය යෑම් විනාශය පැමිණියේ දේව ශාපයකින්?

ලංකාව විෂ්ණු දෙවියන්ට භාර කල දේශයක් ලෙස පුරාතනයේ සදහන් වේ.ජීවමානව කතරගම දෙවියන් වැඩ සිටින්නේද ලංකාව තුලයි.සුමන සමන් දෙවියන්ද ඇතුළු මහා දෙවිවරු රැසක් ලංකාවේ වැඩ සිටියි.මෙවන් ජන විශ්වාසයක් අවුරුදු දහස් ගණනක සිට ලංකාව තුල මතයක් පවතී.

රජවරුන් මෙන්ම ගැමියන්ද විපතකදී කරදරයකදී මෙන්ම දුක් ගැනවිලි අදෝනා සහ ප්‍රර්ථනා කිරීමට දෙවියන්ගේ පිහිට පතයි.ලංකාවේ දැඩි විශ්වාසයට හා භක්තිට පාත්‍ර වූ සත්‍යය දේවාල ලෙස පිළිගත් දේවාල කිහිපයක් ඇත.ඒ අතර කතරගම දේවාලය , කැබිලිත්ත , දෙවුන්දර , සීනිගම දේවාලය , නවගමුව පත්තිනි දේවාලය , වැල්ලේ දේවාලය , මුන්නේශ්වරම් , කොනේශ්වරම් , උඩප්පුව යන දේවාල රජවරු පවා වන්දනාමාන කල දේවාල සහ එහි වැඩ සිටින දෙවිවරුන්ය.

සීනිගම දේවාලයේ වැඩ සිටින්නේ දෙවොල් දෙවියන්ය.ඉතිහාසයේ පුරාවටම පලිගසිමට සහ දඩුවම් කිරීමට මිරිස් ඇබරවීම හා පොල් ගැසීම හරහා පලි ගැසීමට යොදාගන්නා දේවාලයකි.හාස්කම් වලින්ද බහුල දේවාලයකි.විෂ්ණු දෙවියන්ගේ මහා දේවාලය වන දෙවුන්දර දේවාලය තවත් හාස්කම් වලින් පිරුණු දකුණු පළාතේ උතුම් දේවාලයකි.එම දේවාලයේද පැදුරු ගැට ගසමින් පොල් ගසා යම් ප්‍රාර්ථනයක් කළහොත් එය අකුරට ඉටුවන බව ජන විශ්වාසයයි.දකුණු පළාතේ තිබෙන වැල්ලේ දේවාලය තවත් පලි ගැසීමට සහ කන්නලව් කිරීමට ගැමියන් පුරාතනයේ සිට පාවිච්චි කරන ලද දේවාලයකි.නවගමුව දේවාලය පත්තිනි මෑණියන්ගේ මුදුන් මල්කඩ වූ උතුම් දේවාලයකි.මෙය පිහිට ඇත්තේ කැළණි ගගට යාබදවයි.පුරාතනයේදී මෙම දේවාලයේ වාහල්කඩින් කොස් ගෙඩියක් පැමිණි බවට අදටත් සාක්ෂි දරයි.ඉන්දියාවේ සිට රජවරු පවා නවගමුවට පැමිණ පත්තිනි දෙවියන් වැද තිබේ.කන්දේ විහාරය විෂ්ණු දෙවියන්ගේ උතුම් දේවාලයකි.කළුතර දිස්ත්‍රික්කයේ මෙය පිහිටා ඇත.

රාජ්‍යය බලය අහිමිවූ ඒකාබද්ධ විපක්ෂය මෙම ඓතිහාසික උතුම් දේවාල ඉදිරිපිටට ගොස් රජයට මේ ආණ්ඩුව පවත්වා ගැනීමට නොහැකි වන ලෙස දිගින් දිගටම කරදර පැමිණෙන ලෙසට කන්නලව් කරමින් දහස් ගණනක් එකම අරමුණකින් සහ අධිෂ්ටානයකින් ඉහත සදහා සියලු දෙවාලවල් වල පොල් ගසා දෙවියන් යැද කන්නලව් කරමින් මේ රජය විනාශ වේවා භංඝ වේවා යන ප්‍රාර්ථනය එක හඩින් දහස් ගණනක් එකම වෙලාවක කරන ලද කන්නලව්ව මහා ප්‍රභල දෙයක් ලෙස ගුප්ත විද්‍යාව හදාරන ඉපැරණි ගුරුන්නාන්සේලා මෙන්ම වෙදමහත්වරු බොහොමයක් ප්‍රකාශ කර සිටියි.ගුරුකම් වලට ප්‍රසිද්ධ ගාල්ල මාතර කට්ටඩි මහත්වරු ප්‍රකාශ කරන්නේ මේ දේවාල ඉදිරිපිට පොල්ගසා කන්නලව් කර ඇති කල බලපෑම ප්‍රභල බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ දෙවියන්ගේ බලපාරක්‍රමය හිමි බල අඩවිය තුල දැවැන්ත විනාශයන් ගංවතුරෙන් ඇති කල බවයි.මේ අනුව ගාල්ල , මාතර , කළුතර කැළණි ගංගා මිටියාවත සමස්ත දකුණු පලාතෙන් හතරෙන් තුනක්ම මහා ගංවතුරෙන් වැසි ගියේය.පැහැදිලි ලෙසම මේ නිසා අද රජය අපහසුතාවයට පත්වී ඇත.නමුත් එයින් පිඩාවට පත්වන්නේ අසරණ අහිංසක ජනතාවයි.මාතර සිටින පාරම්පරික කට්ටදියන් ප්‍රකාශ කරන්නේ මින් ඉදිරියට කිසි දවසක දේශපාලන අරමුණු හිතේ තබාගෙන මෙවැනි පොල් ගැසීම් සිදු කරමින් මහා විනාශ සිදු නොකරන ලෙසයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙවුණු කාලය තුලදී රටපුරා ඇති ප්‍රභල ඓතිහාසික දේවාල වල කරන ලද කන්නලව්වේ ඵලවිපාක අසරණ දරුවන් මෙන්ම වැඩිහිටියන්ද දුකින් හෙම්බත් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here