මහබැංකුවෙන් හොරා කාපු රවී කැන්ටිමෙනුත් ගසා කයි – රටට බුදුසරණයි

යහපාලන සංස්කෘතියක් ගැන ලංකාවේ කතාබහට ලක්වන්නේ පසුගිය රජය සමයේ පැවති හොරකම් මැරකම් දූෂණ වංචා ඉහවහා ගිය යුගයකින් තොර නිදහස් ලංකාවක් බිහි කිරීමට අභීත නායකයෙකු දිවිහිමියෙන් පෙරමුණ ගැනීමත් සමඟය. මෙය සාර්ථක කර ගැනීම වස් විවිධ පාර්ශව සහයෝගිතාව දැක්වුවා. විපක්ෂය ලෙසින් එවකට පැවති එක්සත් ජාතික පක්ෂයත් ඒ අතර වනවා. යහපාලන රජයක් පිහිටුවීමෙන් පසු යහපාලනය රටේ පවත්වා ගැනීම සඳහා සහ රටේ ආර්ථිකය නඟා සිටුවීම සඳහා නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරනු ලැබුවා. එනම් ඇති කල යහපාලනය රටේ ස්ථාවර කිරීම සඳහා ඒ ඒ අමාත්‍යංශ සුදුසු අමාත්‍යවරුන්ට පවරා දීමෙන්.

මුදල් අමාත්‍යාංශය භාරව තිබුණේ වත්මන් අගමැති සතුවයි. ඒ වත්මන් අගමැති යනු ආර්ථිකය නංවාලීමට සුදුසුම දෑත්වලින් කළු සල්ලි ඇත නොගෑ පිරිසිදු චරිතයක් වූ බැවිනි. වත්මන් අගමැති විසින් එම අමාත්‍යාංශය වත්මන් මුදල් ඇමති වන රවී කරුණානායක මහතාට භාර දෙනු ලබන්නේ තමා මෙන් රවී කරුණානායක යන චරිතය ඉතා පිරිසිදුව රටේ ආර්ථිකය නැංවීමට ඉමහත් සේවයක් ඉටු කරයි යන බලවත් විශ්වාසයෙනි.

රවී අද කොතැනද?
පර්පචුවල් යන නම සහ කෝටි 15000 ක මහා බැංකු කොල්ලය යන ලේබල් යහපාලනයට එකතු කරනු ලබන්නේ රවී කරුණානායක යටතේ මුදල් අමාත්‍යාංශය තිබියදීය. එයින් යහපාලනයක් පැතූ සකල ලාංකීය ජනතාවට යහපාලනය එපා කරවීමට සමත් විය.
ලාභ ලබමින් පවත්වාගෙන ගිය සතොස පැය 24 ක් විවෘතව තබන්නේ රවී කරුණානායකගේ උපදෙස් මතයි. එයින් සතොසට එක් කල ලාභය නම් පූර්ණව පාඩු ලබන ආයතනයක් බවට පත් කිරීමයි. ප්‍රදහාන අලෙවි මධ්‍යස්ථාන සියල්ලම අදවන විට වැසි ගොස් ඇත. එයින් කීල්ස් වැනි සුපිරි වෙළඳ සැල් වෙළඳ පල ආක්‍රමණය කරීමත් රවීගේ තීරණ වල ප්‍රතිපල ලෙස පෙනෙයි.
රටට වඩා තම පුද්ගලික ව්‍යාපාර වල දියුණුවට තැනක් වෙන් කරගනිමින් කටයුතු කරන කරුණානායක ක්‍රෙස් කැට් හි මසකට රුපියල් ලක්ෂ 80 ක් ගෙවමින් තනිකරම ගොඩනැගිල්ලේ තට්ටුවක් තම ව්‍යාපාර කටයුතු සඳහා වෙන් කරගෙන තිබේ. මෙසේ ව්‍යාපාර සඳහා මුදල් යෙදවීමට පෙර නොවූ ධනයක් දැන් කොහෙන්ද?
මේ ලෙස විශාල පරිමාණයේ සේම ලැජ්ජා සහගත ලෙස කුඩා පරිමානයේ ව්‍යාපාර සඳහාද ඇත ගසන්නේ මුදල් අමාත්‍යාංශය සතු ආපනශාලාව පවා තම ඥාතියෙකු වෙත ලබා දෙමිනි. එලෙසම සුරා බදු දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරියෙකුගේ ස්ථාන මාරුවක් සඳහා උපන්දිනයට යැයි පවසා වක්‍රාකාරව රු.500.000 ක මුදලක් ද ඉල්ලා තිබේ. එයට අකමැති වූ නිලධාරියාගේ ස්ථාන මාරුවද ඇත හිතුවා තිබේ.
BMW හී අලෙවි නියෝජිත සමාගම මිල දී ගන්නේ තමා සතු ධනය බලය භාවිතා කරමිනි.

තමා පිළිබඳ විශ්වාසය තබා ඉහලින් අමාත්‍ය ධූරයක් තමාට ලැබුනේ නම් රවී කරුණානායක කලයුත්තේ එයින් රටේ දියුණුවට වැඩක් කිරීම මිස තම සාක්කු පුරවා ගැනීම නොවේ. මෙය තමා පිළිබඳ දැඩි විශ්වාසයක් තබා අමාත්‍යාංශය භාරදුන් අගමැතිවරයාටත් කරන්නාවූ නින්දාවකි. මෙවන් ක්‍රියා යහපාලනයක් පැතූ සියළු දෙනා පිළිකුල් සහගතව හෙලා දකියි. මෙවන් ශාන්ත වෙස් වලාගත් දේශපාලුවන් තවත් එම පුටුවල සිටිය යුතුද යන්න පිළිබඳ ගරු ජනාධිපතුතුමන් සහ අගමැතිතුමන් එක්ව හැකි ඉක්මනින් තීරණයක් ගන්නේ නම් යහපාලනය නොකැළැල් ලෙස රටේ ස්ථාපිත කිරීමට තවමත් කාලය ඉතිරිව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here