මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යාශවලට වාහන ගෙන්වීම ජනපති තහනම් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යාශ සඳහා නව රථ වාහන මිලදී ගැනීම නතර කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.

අද(30) පෙරවරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී ඇති බව සඳහන්වේ.

කැබිනට් රැස්වීම අද(30) උදෑසන 09.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය.

මෙහිදී දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇති අතර එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති බව සඳහන්වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here