මත්කුඩු වැටලීමට ගිය පොලිස් කොස්තාපල් වෙඩි තැබීමකින් මරුට – 04කට තුවාලයි

පිළියන්දල මොරටු පාරේ මත්කුඩු වැටලීමකට ගිය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසකට යතුරු පැදි කරුවන් පිරිසක් වෙඩි තැබීම නිසා පොලිස් කොස්තාපල්වරයකු ජීවිතක්ෂයට පත්වී තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

මීට පැය කිහිපයකට පෙර මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර ඉන් තුවාල ලබා ඇත්තේ අට හැවිරිදි දැරියක, 15 හැවිරිදි දරුවකු හා පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පිරිසකි.

වෙඩිතැබීම සිදු කළ පිරිස පළා ගොස් ඇති අතර එම වැටලීම සිදු කර ඇත්තේ ඔවුන් සන්තකයේ මත්කුඩු කිලෝ 10ක් පමණ තිබෙන බවට ලැබුණු තොරතුරකට අනුවය.

වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථ තුනකටද හානි සිදුව ඇත.

පොලිස් ජිප් රථය පැද වු පොලිස් නිලධාරියා මෙලෙස එම ස්ථානයේ දීම වෙඩි පහරින් මිය ගොස් ඇති අතර පොලිස් ජිප් රථයේ සිටි අනෙක් නිලධාරින්ට තුවාල සිදුව නොමැති අතර අසළ පිහිටි කඩයක හිමිකරුගේ ළමයි තිදෙනාට මෙහිදී තුවාල සිදුව ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූවන් මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පොලිසිය විසින් ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here