පොලොන්නරුව මෛත්‍රීට වාර්තාගත ජයක්

දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රමාද වූ පළාත් පාලන මැතිවරණය අද (10) සෙනසුරාදා පැවැත්විණි. මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලාංකිකයෝ මිලියන 15කට වැඩි පිරිසක් සුදුසුකම් ලබා තිබූහ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු 2015 වසරේ අගෝස්තු මාසයේ මහ මැතිවරණය පැවත්වීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයයි. මෙවර ඡන්දය වත්මන් ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මැන බලන්නක් යනුවෙන් ද හඳුන්වා දිය හැකිය.

උදැසන 7 ට ආරම්භ වූ ජන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සවස 4 ට අවසන් විය.ඒ අනුව මේ වන විට ජන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ වී ඇති අතර.කොට්ටාශ නිල නොවන ජන්ද ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පැවති.

දැනට ලැබී ඇති තොරතුරු අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොලොන්නරුව දිස්ත්‍රික්කය වාර්තාගත අන්දමින් ජයග්‍රහණය කර ඇත.තවත් තොරතුරු ලැබුණු සැනින් ඔබ වෙත අප ගෙන එන්නෙමු.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here