පොලිසියට බැරිනම් හමුදාවට ‘වැඩේ’ බාරදෙනවා” – ජනපති

දිගින් දිගටම සැලසුම් සහගත අයුරින් ආණ්ඩුව අපහසුතාවට පත් කරමින් මුස්ලිම් වෙළෙඳසල්වලට ප්‍රහාර එල්ල කිරීම මැඬලීමට පොලිසියට නොහැකි නම් හමුදාව යොදා හෝ එම තත්ත්වය මැඬලන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට තිබේ.

දිගින් දිගටම සැලසුම් සහගත අයුරින් මුස්ලිම් වෙළෙඳ ප්‍රජාවට සිදු කෙරෙන හිංසන මැඬලීමට පොලිස් බුද්ධි අංශය සමත් නොවන්නේ නම් හමුදා බුද්ධි අංශ යොදවා හෝ ගැටලුව නිරාකරණය කිරීම සම්බන්ධව ඉදිරි දින කිහිපයකදී තීන්දුවක් ගන්නා බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී මුස්ලිම් මන්ත්‍රි කණ්ඩායම මතු කළ පැනයකට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

ආපදා තත්ත්වය පිළිබඳව සහ රටේ ඉදිරි කටයුතු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා කැඳවා තිබූ මේ හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්, රිෂාඩ් බදියුදීන් සහ හර්ෂ ද සිල්වා යන මැති ඇමැතිවරුන් මේ පිළිබඳව සිය අදහස් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇතැයි පැවැසේ.

එහිදී හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා ඉකුත් දින දෙක තුළ තමා නියෝජනය කරන මැතිවරණ ප්‍රදේශයේදී එවැනි සිද්ධීන් දෙකක් සිදුවී ඇති බවද ඒ පිළිබඳව කඩිනමින් සොයා බලා පියවරක් ගන්නා ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයිද පැවැසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here