පිළියන්දලදී පොලීසියට වෙඩි තැබීම වෙලේ සුදාගේ සහ මධුෂ්ගේ සැළසුමක් !

මත් කුඩු වැටලීමක්‌ සඳහා යමින් සිටි පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් තිදෙනකු ඉලක්‌ක කර පෙරේදා (09) පිළියන්දල සුවාරපොළදී සිදුවූ වෙඩි තැබීම දකුණේ පාතාල නායකකයකු වන මධුෂ් සහ දැනට මරණ දඬුවම හිමිවී බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදාගේ සැලසුමකට අනුව එල්ල වූ ප්‍රහාරයක්‌ බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.

මෙම වෙඩි තැබීමෙන් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස්‌ කොස්‌තාපල් චමින්ද අබේවික්‍රම මියගිය අතර මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියකු වූ පොලිස්‌ පරීක්‍ෂක නියෝමාල් රංගජීව සහ පොලිස්‌ කොස්‌තාපල් චමින්ද යන නිලධාරීහු බරපතළ තුවාල ලැබූහ.

වෙඩි වැදීමෙන් පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතාගේ උරස්‌ ප්‍රදේශයට සහ හිස ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවන ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබූ පොලිස්‌ කොස්‌තාපල් චමින්ද  ජාතික රෝහලේ 72 වාට්‌ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී. පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතා සහ පොලිස්‌ කොස්‌තාපල්වරයා ප්‍රතිකාර ලබන රෝහල් වාට්‌ටුවලට විශේෂ ආරක්‍ෂාවක්‌ යෙදවීමට ද පොලිසිය පියවර ගෙන තිබෙන බවද සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here