පාදෙණිය රැක ගන්න 22 උසාවියට එන්න. අනිත් අය වර්ජනය කරන්න GMOA එකෙන් SMS එකක්

රජයේ වෛද්‍යය නිලධාරීන්ගේ සංගමය සිය දාහත්දහසක් වන වෛද්‍යවරුන්ට කෙටි පණිවිඩයකින් දැනුම් දී ඇත්තේ 22වනදා පෙරවරු 8 සිට දහවල් 12 වනතෙක් සංඛේත වැඩ වර්ජනයක් දියත් කරන ලෙසයි.මෙම පණිවිඩය යවා ඇත්තේ 18 වන බ්‍රහස්බතින්දායි.මෙයට හේතුව ලෙස දක්වා ඇත්තේ සයිටම් විරෝධී විශ්වවිද්‍යාල උද්ගොෂණයට පොලිසිය කල පහරදීමට විරුද්ධවයි.මැයි මාසේ 19වනදා නැවතත් වෛද්‍යවරුන්ට රජයේ වෛද්‍යය නිලධාරීන්ගේ සංගමය ලබන 22වනදා උදැසන 9ට අලුත්කඩේ උසාවියට සියලු වෛද්‍යවරුන්ට එනලෙස ආරාධනා කරමින් කෙටි පණිවිඩයක් යවා ඇත.එහි දක්වා තිබුනේ රජයේ වෛද්‍යය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පාදෙණියට සහය දැක්වීම සදහාය.GMOA සභාපති පාදෙණිය මහතා උසාවියට කල අපහාසයක් මුලික කරගෙන ගොනු කල නඩුවේ වගඋත්තර කරුවෙකු ලෙස 22වනදා උදැසන 9ට අලුත්කඩේ උසාවියේ පෙනී සිටින ලෙස අධිකරණය විසින් දැනුම් දී ඇත.මේ අනුව පාදෙණිය මහතා එදින අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි.

සයිටම් විරෝධී ශිෂ්‍ය විරෝධතාවය පැවැත්වුයේ 2017.05.17 වන දිනයි.එදිනට පෙර දිනයේදී (2017.05.16) GMOA කියා සිටියේ ශිෂ්‍ය විරෝධතාවයට එරෙහි වුවහොත් දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.17වනදා ශිෂ්‍යන්ගේ විරෝධතාවයට පොලිසියෙන් කදුළු ගැස් සහ ජාල ප්‍රහාර එල්ල කරන ලදී.කෙසේ වෙතත් රජයේ වෛද්‍යය නිලධාරීන්ගේ සංගමය ඊට පසුදින හෝ ඊට අස්න දිනයකදී කිසිදු වැඩ වර්ජනයක් සිදු නොකරති.මොවුන් වැඩ වර්ජනයට දින නියම කරගෙන තිබෙන්නේ පාදෙණිය උසාවියට අපහාස කල පාදෙණිය මහතා අධිකරණයට ගෙනඑන දිනයේදීය,එනම් සිසුන්ට පහරදී දින 6කට පසුවය.

මෙයින් පැහැදිලි වන්නේ ශිෂ්‍යන්ගේ ලේ සහ කදුළු දහදිය මතින් රජයේ වෛද්‍යය නිලධාරීන්ගේ සංගමය තම දේශපාලනය සිදුකරන බවත් එයට ශිෂ්‍යයන් අතකොළුවක් ලෙස පාවිච්චි කරන බවයි.සැබවින්ම GMOA එකට සයිටම් විරෝධිතාවයක් නොමැති අතර ඔවුන් කරන්නේ පාදෙණිය සහ නවින් සොයිසාගේ දේශපාලන න්‍යාය පත්‍රයයි.පාදෙණිය හට ජාතික ලැයිස්තුවෙන් මන්ත්රිධුරයක් ලබාදීමට ඒකාබද්ධ විපක්ෂය පොරොන්දු වී තිබෙනවා.නවින්ද සොයිසාට කළුතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කිරීමට අවස්ථාවද ලබාදී තිබෙනවා.නලින්ද හේරත්ගේ බිරිදට එංගලන්තයේ උපාධියක් හැදෑරීමට ශිෂ්‍යත්වයක් හැදෑරීමට එකගත්වය පල කර ඇත.එමෙන්ම සංගමයේ ප්‍රධාන ක්‍රියාකාරී සාමාජිකයන් හට දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුලත්
කරගැනීමට පදිංචිය සනාත කරන ගැනීමට කොලබ 7 නිවාස වල ලිපිනයන් මේ වනවිටත් ලබා දී ඇත.මෙවැනි පටු දේශපාලන අරමුණු වෙනුවෙන් රජයේ වෛද්‍යය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජන උද්ගෝෂණ පවත්වමින් අසරණ රෝගී ජනතාව බිල්ලට තබමින් කරන පහත දේශපාලනය බොහෝදෙනෙක් හෙළාදකිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here