පාදෙණියගේ පිටිපස්සෙන් ඉන්න දේශපාලන බළල් අත හෙළිදරව් වු හැටි මෙන්න..! (PHOTOS)

මේ වන විට වෛද්‍ය සංගමය රටේ නිතර කථාබහට ලක්වන වෘත්තිය සංගමයක් බවට පත්වී ඇත.එයට හේතුව රටේ සෑම ප්‍රශ්නයකටම මැදිහත්වන තත්වයට වෛද්‍ය සංගමය මේ වන විට පත්ව ඇත.

කෙසේ වෙතත් මේ වන විට වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා පසුගියදා විමල් විරවංශ මහතාගේ පොත එළිදැක්වීමේ උත්සවයට සභාගි උනා.මේ උත්සවයට සභාගිවිම පිලිබදව රජයේ වෛද්‍ය නිලධාරි සංගමය තුල දැඩි විරෝධයක් මතුවුනා.කෙසේ වෙතත් පසුගිය කාලය පුරාම රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ක්‍රියාකළේ වෛද්‍ය අයිතිවාසිකම් වෙනුවෙන්ද යන්න පිලිබදව ගැටළුවක් මේ රටේ ජනතාවට ඇත.

කෙසේ වෙතත් අනුරුද්ධ පාදෙණිය මහතා විමල් විරවංශගේ පොත එළිදැක්වීමේ උත්සවය සභාගිවිම මත ඔහු පසුපස ඇති දේශපාලන හස්තය කුමක්ද යන්න පැහැදිලි කරගැනීමට ඉගියක් සපයනු ඇත.

අනුරුද්ධ පාදෙණිය මහතා මේ වන විට විශ්ව විද්‍යාල සිසුන් පාරට බස්සවාගෙන සයිටම් විරෝධී ක්‍රියාකාරම්ද කිසිදු විසදුමකින් තොරව පවත්වාගෙන යන්නේ කාගේ උවමනාවටද?මේ රටේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසු සිසුවියෝ කිදහකගේ ජිවිත සමගද මේ ක්‍රීඩාව සිදු කරන්නේ.විධිමත් ආකාරයකින් මේ ප්‍රශ්නය විසදුවේ නම් මේ වන විට සයිටම් ගැටලුවද විසදී හමාරය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here