ප්‍රබල ඇමතිගෙන් තවත් කාර් මගඩියක් – බිලියන ගණනක් රටට අහිමියි..! (Exclusive)

නිෂ්පාදන වටිනාකමට අඩුවෙන් මිල සඳහන් කරමින් සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථ 1500කට ආසන්න ප්‍රමාණයක්. මෙරටට ගෙන්වීමෙන් රුපියල් බිලියන ගණනක තීරු බදු වංචාවක් සිදු වී ඇති බවට රේගුවේ ඉහළම නිලධාරියෙකු විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කර තිබේ.

වර්ෂ 2015දී සිදුවී ඇත බව කියන මෙම තිරු බදු වංචාව සඳහා රජයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකුගේ මැදිහත්වීම මත සිදුව ඇති බවද වාර්තා වෙයි. මෙම වංචාව සිදුකිරීම සඳහා ජර්මනියේ අදාළ වාහන නිෂ්පාදනය කරනු ලබන මව් සමාගමින් සෘජුවම ආනයනය නොකර මෙරට සමාගමක් විසින් වෙනත් සමාගමක් එරට ලියාපදිංචි කර ඒ සමාගම නමින් නියමිත වටිනාකමට අඩුවෙන් ණයවර ලිපි විවෘත කර වාහන ලංකාවට ගෙන්වා ඇතැයි සඳහන්ය.
තිරු බදු රහිත වාහන ගෙන්වීමට රජයේ නිලධාරීන් ලැබී ඇති වරප්‍රසාද යටතේ මෙම වාහන ආනයනය කර නිසි පරිදි රේගු බදු ගෙවීම් පැහැර හැර ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි වාර්තා වෙයි.
රජයේ සේවකයන්ගේ තීරු බදු සහන යටතේ මෙම වාහන ගෙන්වා ඇතත් රජයේ සේවයක් මෙම වාහන ගෙන්වීමට සම්බන්ධ නොමැති බවයි. මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී රේගු අධ්‍යක්ෂ මාධ්‍ය ප්‍රකාශ ධර්මසේන කහඳව මහතා ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් රේගුව මට්ටමින්ද පරීක්ෂණයක් කරන බවයි.
එම පරික්ෂණ කටයුතු මෙතෙක් අවසන්ව නොමැත…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here