පරම්පරා ඇමති බුදලය ජනපති මෛති‍්‍ර වෙනස් කරයි!

මෙතෙක් කාලයක් උතුරුමැද පළාත් සභාවේ ඇමති තනතුරු පරම්පරාවෙන් එන උරුමයක් ලෙස පවත්වාගෙන ගියත් ජනාධිපතිතුමාගේ හා උතුරුමැද පළාත් මහ ඇමතිතුමාගේ මැදිහත් වීමෙන් එම පරම්පරා බුදලය සැබෑ ජනතා නියෝජිතයන්ට හා ජ්‍යෙෂ්ට පාක්ෂිකයන්ට ලබා දීමට කටයුතු කිරීම නිසා උතුරු මැද පළාත් සභාව දැන් පිරිසිදු නිවැරදි ගමන් මාර්ගයකට අවතීර්ණ වි ඇතැයි පළාත් කෘෂිකර්ම, සත්ව සෞක්‍ය හා ධීවර කටයුතු අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත මහතා පවසයි.

සමහර ඇමතිවරු ඉන්නවා කැබිනට් එකේ ඊළඟට පුතා කොහේ හරි රට එංගලන්තයේ හරි ඉගෙනගෙන එනකල් ඉඳලා පුතා පාර්ලිමේන්තු යවනවා තාත්තා පළාත් සභාවේ ඇමති වෙනවා එහෙම ඉන්න ගමන් මුනුබුරා ලොකු වෙනකං බලන් ඉන්නවා සීයට පළාත් සභාවෙන් දේශපාලනයෙන් අයින් වෙන්න.

මේ ක්‍රමය නිසා කොච්චර පළපුරුද්ද තිබ්බත් ඉගෙනගෙන තිබ්බත් ඒ අයට මෙතක් සුදුසු තැන ලැබුනේ නෑ. එනිසා මෛත්‍රී ජනාධිපතිතුමා පවුල් රජ කරන ප්‍රතිපත්තිය වෙනස් කරලා සැබෑ දක්ෂයන්ට ඉඩ දෙන දේශපාලන පරිසරයක් නිර්මාණය කළා රටක් විදියට අපේ රට ඉදිරියට ගෙනයන්න හොඳ දේශපාලන නායකත්වයක් බිහිකරන මුල් අඩිතාලම මේ වනවිට සාර්ථකව වැටි තිබෙන බව අපට වැටහෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here