නෙවිල් ප්‍රනාන්දු රෝහල 17දා රජය යටතට

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල මෙම මස 17 වැනිදා රජයට පිරිනැමීමට තීරණය කළ බව එම රෝහලේ සභාපති දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට රාජ්‍ය අමුත්තන් විශාල පිරිසක්‌ සහභාගි වෙන බවද දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

බිලියන තුනකට වැඩි වටිනාකමක්‌ තිබෙන මෙම රෝහල් ගොඩනැඟිල්ල එහි උපකරණද සමඟ මෙසේ රජයට පවරන බව කී ඒ මහතා, ලබන 17 වැනිදා සිට රෝහලේ කාර්ය මණ්‌ඩලයද රජයේ සේවකයන් ලෙස සම්බන්ධ වනු ඇතැයි සඳහන් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here